මම කොපිකරන්නෙ ශිල්පා ෂෙට්ටිගෙ විලාසිතා
උරේෂා රවිහාරි නව පරපුරේ සිටින දක්ෂ ගායිකාවක් චිත්‍රපටි පසුබිම් ගායනයෙන් වගේම ප්‍රසංග වේදිකාවේ ගායනයෙන් බොහෝ දක්ෂතා දක්වන ඇය ඔබ වඩාත් ම ආදරේ කරන බොහොම ආදරණීය චරිතයක්. හැමදාමත් ලස්සනට අඳින ඇයට අපි මෙවර ෆැෂන් පිටුව සරසන්න ආරාධනා කළා.
ඔබ බොහොම ලස්සනට විලාසිතා කරන කෙනෙක්?
ඔව්. ඔව් . .. සින්දු වලට පස්සේ මගේ වැඩිම අවධානය යොමු වෙන්නේ විලාසිතා වලට .මම හරිම ආසයි විලාසිතා කරන්න. . කොච්චර කැමතිද කියනවා නම් මට ගැළපෙන ලස්සන විලාසිතාවක් වෙනුවෙන් මම ඕනෑම මුදලක් වියදම් කරන්න සූදානම් . .
විලාසිතාවක් කියන්නේ මොකක් විදිහට ද ඔබට දැනෙන්නේ?
මට හිතෙන්නෙ අපි ඉන්නේ ස්වරූපයට වඩා අපි ලස්සනට තියන්න උදව් වෙන ,හදවතට බොහොම සතුටක් ගෙන දෙන දෙයක් විදියටයි.
ඔබ නිතරම විලාසිතා පිළිබඳ යාවත්කාලීන වෙනවාද?
දැනට පවතින විලාසිතා ගැන වාගේම ඉදිරියට එන්න තියෙන විලාසිතා ගැනත් විවිධ තාක්ෂණයන් ඔස්සේ මං අවධානයෙන් ඉන්නේ. යම්කිසි විලාසිතාවක් ලංකාවට එන්නත් කලින් මට ගැළපෙනවා නම් කරන අවස්ථා තියෙනවා. සාරි විලාසිතා වගේ දේවල් මම කොහොම හරි හොයාගෙන ඉදිරියට සහභාගි වෙන්න තියෙන උත්සව වලට, සංගීත සංදර්ශන වලට අඳින්න සූදානම් කරගෙන ඉන්නවා. ඉස්සර ඉඳලම ඔය විදිහට මම විලාසිතා ගැන අවධානයෙන් ඉන්නේ .
විලාසිතාවක් කිරීමේදී ඔබ මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ?
විශේෂයෙන් ම මගේ ඇඟේ හැඩය ,මගේ සමේ පාට ගැන මම ගොඩාක් සැලකිලිමත් වෙනවා. ඊට අමතරව මා නියැලෙන ක්ෂේත්රය ගැනත් සැලකිලිමත් වෙනවා .
මවක්, බිරිඳක් විදියට වයසට ගැළපෙන විදියටත් විලාසිතා කරනවා . කොහොම විලාසිතා කළත් ඇඟ නිරාවරණය වෙන විදියට නම් විලාසිතා කරන්න මම පොඞ්ඩක්වත් කැමැති නැහැ .ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ විලාසිතා කිරීමේදී අපේ අනන්‍යතාවයට අපේ සංස්කෘතියට ගැළපෙන විදිහට යි අපි විලාසිතා කරන්න ඕනේ .ඒ නිසා මොන විලාසිතාවක් කලත් ඇඟ වැහෙන විදිහට විලාසිතා කිරිමෙදි මහා ලොකු වටිනාකමක් එකතු වෙනවා. .
නියැලෙන ක්ෂේත්රය අනුව විලාසිතා කිරීමේදී සැලකිලිමත් වෙනවා කිව්වේ?
සින්දුවක් කියන්න ස්ටේජ් එකට නැග්ගහම මිනිස්සු සින්දු අහන්නේ ඒ සින්දුව ගායනා කරන ගායකයාගේ හෝ ගායිකාවගේ හිසේ සිට දෙපතුල දක්වාම බලාගෙන .ඒ නිසා මම ගායිකාවක් විදිහට විලාසිතාවක් තෝරා ගැනීමේ දී ගොඩක් සැලකිලිමත් වෙනවා .බොහෝ දුරට ප්‍රේක්ෂකයා අපට තියෙන ආදරය නිසාම අප කරන විලාසිතා අනුකරණය කරන අවස්ථා තියෙනවා. ඒ නිසාම නිවසෙන් බැහැරව යන සෑම අවස්ථාවකම මා ගොඩනඟා ගත් ප්‍රතිරූපය ආරක්ෂා වන විදියට විලාසිතා කරන්න මම නිතරම වගබලා ගන්නවා.
කරන විලාසිතාවක් අනුව කෙනෙක් ව මනින්න පුලුවන්ද?
ඇඳුමකින් පුද්ගලයෙකු සියයට සියයක්ම මනින්න බැහැ .නමුත් මම හිතනවා කෙනකුගේ පෞරුෂත්වය ඇඳුමකින් පෙන්නුම් කරනවා කියලා. මොකද කෙනෙකු අඳින පළඳින විදිහෙන් ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දේ පිළිබිඹු කරනවා . ..පිරිසිදුකම පිළිවෙළ ඒ වගේ දේවල් පවා.
ඔබ වඩාත්ම කැමති ඇඳුම?
මම හරිම ආසයි සාරි වලට. සල්වාරි, දිග ගවුම් වලටත් ගොඩක් ආසයි. සාමාන්‍ය ගමනකදී ඩෙනිම් ටී ෂර්ට් වගේම බටහිර පන්නයේ ඇඳුම් අඳින්නත් ගොඩක් ආසයි.හැබැයි මගේ ඇඳුම් නිර්මාණය කරන අයගෙන් අහල තමයි මට ගැළපෙන විදිහට මම විලාසිතා කරන්නේ .මොකද ගැලපෙන විලාසිතාවකින් වටිනාකමක් එකතු වෙනවා වගේම නොගැලපෙන විලාසිතාවලින් හිනාවට පවා ලක් වෙන්න පුළුවන්.එ නිසා විලාසිතා කිරීමේදී මං ගොඩක් ම සැලකිලිමත් වෙනවා .
ඔබ කැමතිම පාට?
සැමන් පින්ක් වලටයි,රෙඞ් වලටයි මම ගොඩක් ආසයි.
විලාසිතා කියන්නේ ඇඳුම් විතරමද ?
නැහැ ..තෝරා ගන්නා ඇඳුම් විලාසිතාවට, අපට ගැළපෙන විදිහට යොදන කොණ්ඩ මෝස්තරය, මේකප් එක, පළඳින ආභරණ වගේම පළඳින සපත්තු ආදියත් වටිනාකමක් එකතු කරනවා.
නීට් එකට අඳිනවා කියන පැකේජ් එක ඇතුලේ, රාමුව ඇතුලේ මේ හැමදේම තිබිය යුතුයි කියලා මම විශ්වාස කරන්නෙ.
ගැලපෙන විදිහට විලාසිතාවක් කළහම හිතට මොන වගේ හැඟීමක් ද දැනෙන්නෙ?
ඒක සමහර වෙලාවට වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක්. ආත්ම තෘප්තියක් .ආත්ම අභිමානයක් .කොණ්ඩය සකස් කරන තැන ඉඳලාම දාන පාවහන් දක්වා හරි විදිහට අඳින විලාසිතාවට ගැලපිම කල විට යන ගමන හරිම උද්යෝගයෙන් යන්න පුළුවන් . . ගීයක් ගායනා කළත් ඒක හරි නැවුම්ව ගායනා කරන්න පුළුවන්. මේ සියල්ල මම අත්දැකීමෙන් ම ලබන දේවල්.
ඔබ කරන විලාසිතා යම් යම් පිරිස අනුකරණය කරනවාද?
අපොයි ඔව්. මගතොට දී පවා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. සමහර අය ළඟට ඇවිත් අහනවා ”උරේෂ ඔයා හරිම ලස්සනට විලාසිතා කරනවා. කොහෙන්ද ඇඳුම් ගන්නේ කියලා ඇඟ කොහොමද එකම ප්‍රමාණයකට තියාගන්නේ කියලා එක එක දේවල් අහනවා. ඇත්තටම මේ හැමෝටම මම පුළුවන් විදිහට උත්තර දෙනවා. එහෙම කමෙන්ට්ස් ලැබෙන කොට හරිම සතුටුයි. තවත් ලස්සනට ඉන්න හිතෙනවා.
ඔබ විලාසිතා ගැන බොහොම අවදියෙන් ඉන්න කෙනෙක්නෙ. ඔබත් කාවහරි අනුගමනය කරනවාද?
ඔව්. හින්දි සිනමාවේ මම ආසම නිළියන් දෙන්නෙක් තමයි මදුරි ඩික්සිතුයි, ශිල්පා ශෙට්ටි. ඒ දෙන්නා කරන විලාසිතා වලට මම ගොඩක් කැමතියි. සමහර වෙලාවට මම ඒ දෙන්නා කරන විදිහටම විලාසිතා කරන අවස්ථා තියෙනවා.
පුංචි කාලෙ ඉඳලම ඔබ විලාසිතා කරන්න කැමැති කෙනෙක් ද ?
ඔව්. මම හරි ම ආසයි පුංචි කාලේ ඉඳලම ලස්සනට අඳින්න .පුංචි කාලේ අම්මා ලස්සනට ඇඳුම් ඇන්දුවා . ඊට පස්සේ තේරෙන කාලේ ඉඳලා මම මට ගැළපෙන විදියට විලාසිතා කරන්න ඇයගෙන් උදව් ගත්තා . .අද වෙන කොට විලාසිතා කියන්නේ මගේ ජීවිතේම කොටසක් වගේ.
තව කෙනෙක් ලස්සනට ඇඳලා විලාසිතා කරලා ඉද්දි මොන වගේ ද හිතෙන්නේ?
හරි ම සතුටු වෙයි .හැමෝම ලස්සනට ඇඳලා ඉන්නකොට හරිම කලර් ෆුල්.බලන්න ලස්සනයි .ආසයි. අලුත් ඇඳුමක් අඳින්න හැමෝම ඉන්නේ අලුත් බලාපොරොත්තුවකින්. නැවුම් බලාපොරොත්තුවකින්. අපි ජීවත් වෙන්නේ හරිම කෙටි කාලයයි. ඒ කෙටි කාලයේ අපිට පුළුවන් විදිහට අපිට ගැලපෙන විදිහට විලාසිතා කරලා සතුටින් ඉන්න එක ගැන නම් මම ගොඩක් සතුටුයි.
බ්රෑන්ඩඞ් ඇඳුම් අඳිනවා කියලා මානසිකත්වයක් ඔබටත් තියෙනවද ?
සාමාන්‍යයෙන් මම උත්සව අවස්ථාවකට, ප්‍රසංගයකට අදින ඇඳුමක් අඳින්නෙ එක වරක් හෝ දෙවරක් පමණයි . .ඒ නිසා ඒවාට නම් ගැලපෙන විදිහටයි වියදම් කරන්නේ . නමුත් අත්ඔරලෝසු ,සුවඳ විලවුන් ,සපත්තු වගේ දේවල් නම් බ්රැන්ඩඞ් ඒවා අදින්න පොඩි කැමැත්තක් තියෙනවා . .ඒක ඇත්තටම පුංචි ආසාවක්.
අසුන්තා එදිරිසූරිය