මම එහෙම නිළියක් වෙන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්
ටාෂියා මේ දිනවල Happy Birthday චිත්‍රපටය ඔස්සේ සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?
ඔව්.... Happy Birthday චිත්‍රපටය මේ දිනවල බොහෝ සිනමාහල්වල තිරගත වෙනවා. මේක අරුණ ජයවර්ධන මහතාගේ තිර පිටපතක්. අධ්‍යක්ෂණය කරන්නේ ඔහුමයි. 2020 අවුරුද්දේ තමයි Happy Birthday චිත්‍රපටය රෑගත කිරීම් කළේ. මේ චිත්‍රපටයට මට දායක වෙන්න අවස්ථාව ලැබුණේ ස්ටීන් ඇඩම්ස් මහතාගේ ආරාධනාවකට අනුවයි. ඔහු සමඟ මීට පෙර නිර්මාණ කිහිපයකටම මම දායක වෙලා තිබුණා. මේ මගේ මුල්ම චිත්‍රපටයයි.
පුංචි තිරයේදී ටාෂියාව දකින්නත් ලැබුණේ නිර්මාණ කිහිපයකට විතරයි. නිර්මාණ බාර ගනිද්දී තෝරා බේරා ගැනීමක් කරනවාද?
ඔව්... ඇත්තමයි මම මේ වෙද්දී දායකවෙලා තිබෙන්නේ නිර්මාණ කිහිපයකට විතරයි. තෝරා බේරා ගැනීමක් නම් කරනවා. මීට පෙරත් ආරාධනා කිහිපයක් ලැබුණත් මම ඒවා බාරගත්තේ නැහැ. නිර්මාණයක් බාරගන්නට පෙර මම අනිවාර්යයෙන්ම පිටපත බලනවා. Happy Birthday චිත්‍රපටයේ මම දායක වෙන්නේ නතාලි කියන ගෑනු ළමයාගේ චරිතයටයි.
නතාලිගේ උපන් දිනය දවසේ ඇත්තටම මොකද වෙන්නේ?
නතාලියාගේ Birthday එක දවසේ බොහෝ දේ සිදුවෙනවා. එක රුයක සිදුවන සිදුවීම් පෙළක් හරි අපූරුවට අරුණ මහතා පිටපත් කරලා හරි අපූරුවට අධ්‍යක්ෂණය කළා. එදා බොහෝ දේවල් සිදුවුණා. මුළු චිත්‍රපටය පුරාම භීතිය, කුතුහලය, හිංසාව, වෛරය වගේම ආදරයෙන් මැදිවෙච්චි කතාවක්. අම්මාගේ ආදරය දරුවන් වෙනුවෙන් හරි ප්රබලව පෙන්වන පවුලේ හැමෝටම එකට හිඳ නරඹන්නට පුළුවන් අපූරු නිර්මාණයක්. ඒ නිසා හරිම ආදරයෙන් Happy Birthday චිත්‍රපටය නරඹන්න යැයි මම ආරාධනා කරනවා.
චිත්‍රපටය පුරාවට එක රැයක් රෑගත කරන එකත් එතරම් ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. ලබපු අත්දැකිම් කොහොමද?
ඇත්තටම මම වගේ ආධුනික කෙනෙකුට මේ ලබපු අත්දැකීම් ජීවිතයට බොහෝයි. මම මාෂල් ආට් වගේ දේවල් කරලා තිබුණ කෙනෙක් නෙමෙයි. මටත් සටන් කරන්න තිබුණා. ඒවාත් මට මුල්ම වතාවට කරන්න සිදුවුණා. ඒ වෙනුවෙන් මටම වෙනමම පුහුණුවීම් කළා. අපි දින අටක් එකදිගට දෙහිඕවිට ප්‍රදේශයේ රෑගත කිරීම් කළා. මෙය Stein Films නිෂ්පාදනයක්.
Happy Birthday චිත්‍රපටයේ ටාෂියාගේ මවට රඟපෑවේ ප්‍රවීණ කලාකාරිනියක් වන දිල්හානි අශේකමාලා. එවැනි ප්‍රවීණයන් එක්ක රඟපාද්දී ලැබුණ ආශීර්වාදයත් ගැන ටිකක් කතා කළොත්?
ඇත්තටම ඒ ගැන නම් කියන්නම ඕනේ. දිල්හානි ආසෝකමාලා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සූරියා දයාරුවන් වැනි ඉතා දක්ෂ, ප්‍රවීණයන් එක්ක මට වැඩකරන්න අවස්ථාව ලැබුණා. නතාලිගේ චරිතය මට කරන්න ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මම දන්නැති බොහෝ දේවල් මට කියලා දුන්නා. මට වරදිද්දී &කමක් නැහැ අපි ආයෙත් ගමු.* කියලා මාව දිරිමත් කළා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන කියන්නේ මේ රටේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගෙන්ද මට ලොකු සහයෝගයක් ලැබුණා.
ටාෂියා... නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන දැක්කද? ආස කළාද?
නැහැ. මම එහෙම නිළියක් වෙන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මගේ අම්මා මම කලාවට සම්බන්ධ වෙනවට ගොඩක් කැමැතියි. අදටත් මගේ අම්මගෙනුයි, තාත්තගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා ශිරෝමි ඒකනායක. තාත්තා සමරු විජේසිංහ. මට අක්කා කෙනෙක් ඉන්නවා. එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්. මම පවුලේ බාලයා. අක්කා විවාහකයි. එයා නම් කලාවට සම්බන්ධ වෙන්න එහෙම ලොකු කැමැත්තක් නැහැ. මම තමයි කලාවට සම්බන්ධ වුණේ. පුංචි කාලේ මම හරිම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්නයි. අවුරුදු ගාණකට පෙර ගුවන් සේවිකාවක් වෙන හීනයක් තිබුණා. අදටත් මගේ හීනය ඒකමයි. උසස් අධ්‍යාපනයට මම වෙනත් භාෂා තමයි විෂයයන් විදියට තෝරා ගත්තේ. උසස් පෙළට තර්ක ශාස්ත්‍රය, ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව මම ඉගෙන ගන්නවා. 2023 අවුරුද්දේ මම උසස්පෙළ විභාගය ගන්නවා. මේ දිනවල ඒවාට අමතර පන්ති යනවා. ඒ නිසා නිර්මාණ වැඩිය මම බාරගන්නේ නැහැ.
Happy Birthday ටාෂියාගේ පළමු සිනමා පටයයි. ඉදිරියේදී තව චිත්‍රපටවලට දායක වෙන්න අවස්ථාව ලැබුණොත් මොකද හිතෙන්නේ?
මේ වෙද්දී චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ඒත්... ඒ අතරින් මට ගැලපෙන චරිත මට ලැබිලා නැහැ. මගේ වයසට, මට ගැලපෙන චරිත විතරයි මම බාරගන්නේ. Happy Birthday චිත්‍රපටයේ මගේ වයසේ චරිතයක් තමයි මට දායක වෙන්න ලැබුණේ. ඒ නිසයි මම ඒක තෝරාගත්තේ. අනිත් හැම දෙයක්ම මම බාරගන්නේ පිටපත බලලයි. ඒක මගේ ලොකුකමකට කියන දෙයක් නෙමේ. තවම මම පාසැල් අධ්‍යාපනය හදාරන කෙනෙක්. ඒ නිසා මම මුල්තැන දෙන්නේ මගේ අධ්‍යාපනයටයි.
ටාෂියා නුවර ඉන්නේ?
ඔව්. අපි නුවර අම්පිටියේ තමයි ඉන්නේ. ඇත්තටම ඒ පරිසරයට මම හරි ආසයි. කොහොමටත් කොළඹට වඩා මම නුවරට තමයි කැමති.
ඊළඟට තිබෙන බලාපොරොත්තු මොනවාද?
උසස් පෙළ හොඳින් කරගන්න එක තමයි මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව වෙන්නේ. මම ගුවන් සේවිකාවක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා. ඉතින් මම හරිම ආදරයෙන් අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කළ Happy Birthday Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
දිශානි ජයමාලි