මම උදේ නැගිට්ට ගමන් අපේ අම්මා කියන්නේ අද නම් මම කොහේ හරි යයි කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්. 

ශනුද්‍රි Travel කරන  එක  ගැන  මොකද  හිතෙන්නේ ?

ඇත්තටම ගොඩාක් හොඳ දෙයක්. මම හරිම කැමති Travel කරන්න. ගොඩක් වෙලාවට මම travel කරන්නේ වැඩවලට. නමුත් ඒ අතරින් මගේ වැකේෂන් එකත් ගත කරන්න වෙලාවක් හදාගන්නවා. ලංකාවේ නම් ගොඩක් travel කරන්න අවස්ථාව ලැබිලා නැහැ. මොකද ඉස්සර ගෙදරින් අවසර නැති නිසා. දැන් තමයි පොඩ්ඩක් ඇවිදින්න යන්නේ. ලංකාවේත් ගොඩක් තැන්වල ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතනවා මම කරන රැකියාව එක්ක ඒ දේ මට ලැබුණු ආශීර්වාදයක් කියලා.

ශනුද්‍රි වැඩිපුරම travel කරන්නේ කා එක්ක ද ? 

වැඩිපුරම මම travel කරන්නේ පවුලේ අයත් එක්ක. මම පවුලේ අය එක්ක ගොඩක් එකතුයි. ඒ වගේම අක්කලා, අම්මා තාත්තා පවුලේ අපි කට්ටියම තමයි එකතු වෙලා ගොඩක් වෙලාවට ට්‍රිප් යන්නේ. මොකද මම ගොඩක්ම කැමති එයාලා එක්ක ඇවිදින්න යන්න විනෝද වෙන්න. 

ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙ ද ? 

මම ගොඩක්ම ලංකාවේ travel කරන්න කැමති ඩවුන් සවුත් තමයි. බීච් පැත්තට ගොඩක්ම කැමතියි. සමහර අවස්ථාවල උදේ ගිහින් හවස එන්න හිතුණු අවස්ථාවලදීත් මම ගිහින් එනවා. ඒ හැරුණම පහුගිය අවුරුදු තුනක විතර තිස්සේ මම travel කළේ නුවරඑළියේ. මොකද මගේ ටෙලිඩ්‍රාමා ශූටින් තිබුණු නිසා. සාමාන්‍යයෙන් අවුරුද්දකට පස් හය වතාවක් නුවරඑළියේ යන්න ඒ නිසා අවස්ථාව ලැබුණා. ඊට අමතරව ඇල්ලේ, නුවර, බදුල්ල වගේම ඩවුන් සවුත්වල හැම තැනකටම වගේ ඇවිදින්න යන්න කැමතියි.

ශනුද්‍රි පිටරට වල වැඩිපුරම travel කරලා තියෙන්නේ කොහෙ ද ?

දැනට රටවල් අටකට ආසන්න ප්‍රමාණයකට travel කරලා තියෙනවා. ඕස්ට්‍රේලියා, තායිලන්තය, ඩුබායි, කටාර්, ඉන්දියා, ඉතාලි, සිංගප්පූරුව වගේ රටවල්වලට travel කරලා තියෙනවා. 

ශනුද්‍රිගේ මතකයේ තියෙන Travel කරපු හොදම සංචාරය මොකක් ද ?

මම ආස කරන, මට මතක හිටින හොදම සංචාරය වුණේ පසු ගිය දින වල ගියපු ඕස්ට්‍රේලියා සංචාරය තමයි. නමුත් මම travel කරන්නම නෙමෙයි ගියේ, මගේ වෘත්තීමය වැඩ කටයුතු සඳහා විදේශ ගත වුණේ. නමුත් මම වැඩ කටයුතුවලින් පස්සේ සති එකහමාරක් විතර වැකේෂන් එක ගත කළා. ඒ කාල සීමාව මම ගත කලේ යාළුවෝ එක්ක. ඇත්තටම ඒ දැනෙන වයිබ් එකට, මිනිස්සුන්ට වගේම ඒ රටේ තියෙන සැලැස්ම එක්ක කඩේකට ගියත් හරිම පහසුවෙන් ඒ දේවල් කරගන්න පුළුවන්. තව විනෝද වෙන්න බලන්න යන්න තැන් ගොඩක් තියෙනවා. මම දැනට ගොඩක් තැන් බලලා තියෙන්නේ, තව මට ඒ රටේ බලන්න යන්න තැන් තියෙනවා. ඒ නිසාම මම ගොඩක්ම කැමති රටක් තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ. ඒ වගේම ගිය අවුරුද්දේ අපි පවුලේ කට්ටියම travel කළා තායිලන්තයට. ඒ මතකයත් මම කැමතිම travel මතකයක්. 

ශනුද්‍රි ඉදිරියේදි travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න තැන් මොනව ද ?

සාමාන්‍යයෙන් මම යුරෝපා රටවල් වලට travel කරන්න හරිම කැමතියි. මේ අවුරුද්දේ වෘත්තීයමය වැඩ කටයුත්තකට එංගලන්තයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගෙදර අයත් බලාගෙන ඉන්නවා කොහේ හරි ඇවිදින්න යන්න. නමුත් කට්ටිය එකතු කරගන්න ටිකක් හරි අපහසුයි. 

travel කරද්දී  කන්න  ලැබුණු  රසම  කෑම  මොනවද ?

ඇත්තටම එකක් කියලා නැහැ. ගොඩක් වෙලාවට ෆැමිලි ට්‍රිප් ගියාම අපි නතර වෙන විලා වල, රෙසෝර්ට් වල එක එක විදියේ කෑම කන්න හම්බෙලා තියෙනවා. ඊට අමතරව මම එක එක විදියේ කෑම ට්‍රයි කරලා බලන්න කැමති කෙනෙක්. ඒ නිසා රස කෑම ගොඩක් ලංකාවෙදී කන්න ලැබිලා තියෙනවා. පිටරටවලදී නම් ඒ රටවලට ආවේණික කෑම වර්ග ගොඩක් කන්න ලැබෙනවා. අපිට ඒ රටවල තෝරගන්න විවිධ ඔප්ෂන්ස් තියෙනවා. ඒ නිසාම ඒ අලුත් කෑම කාලා බලනවා. ඉතාලියේ ගියාම මම කන්න ආසම පීසා ෂොප්ස් තියෙනවා. 

ශනුද්‍රිට Travel කරද්දි සිදු වුණු අමතක නොවෙන රසබර මතක මොනව ද ? 

අන්තිමට ළඟදී travel කරපු ඕස්ට්‍රේලියා සංචාරය මම ගියේ තනියම. නැත්නම් සාමන්‍යයෙන් පවුලේ අය එක්කනේ travel කරන්නේ. ඉතින් මේ ගමන පටන් ගත්ත මොහොතේ ඉඳන් මම හැමදේම කරගත්තේ තනියම තමයි. ඒ රටේ තනියම ඇවිදලා අලුත් කෑම ට්‍රයි කරලා සෝලෝ ඩේට් එකක් ගියපු  වීඩියෝ එකක් මම යූටියුබ් එකටත් දැම්මා. ඉතින් ඒ ලබපු අත්දැකීම හරිම් සුන්දරයි. ඉදිරියේදී වෙන රටවල් වල සංචාරය කරන්න ගියාම එක දවසක් සෝලෝ ඩේට් එකක් යන්න මම හිතාගත්තා.
 
ශනුද්‍රිගේ පුංචි කාලේ travel මතක මොන වගේ ද ?

ඇත්තටම පොඩි කාලේ නම් ට්‍රිප් ගියේ හරිම අඩුවෙන්. වැඩිපුරම ගියේ අම්මාගේ ගම බණ්ඩාරවෙලට තමයි. නත්තලට වගේම අවුරුදු අවසාන නිවාඩුවට  නෑදෑයෝ එක්ක විනෝද වෙලා එනවා. ඒ මතකය තමා මට තියෙන හොදම මතකය පුංචි කාලෙදී.  අද වෙද්දී නම් මම උදේ නැගිට්ට ගමන් අපේ අම්මා කියන්නේ අද නම් මම කොහේ හරි යයි කියලා. ඒ තරමටම කැමතියි දැන් travel කරන්න.

අමා අලහකෝන්