මම ආසම අපේ අම්මා හදන රූලං අලුවා කන්න - හිමායා බණ්ඩාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කැවිලි පෙවිලි ගත්තොත් මම ගොඩක්ම ආස රූලං අලුවා කන්න. අති රස නම් මම කන්න ආස නැහැ. කැවුම් කොකිස්, ආස්මි වලටත් මම ආසයි. කඩෙන් අරගෙන කනවට වඩා ගමේ මගේ අම්මා හදන ඒවා තමයි ගොඩක්ම රස මට. මේ පාර අම්මා නැති අඩුව මට තදින්ම දැනෙයි. විශේෂයෙන්ම අවුරුදු දවස්වල. අම්මා එක්ක අවුරුදු සමරනවා ඇරෙන්න මට වෙන සතුටක් තිබුණේම නැහැ.