මම අකැමැත්තක් නෑ, ධනංජයට තව කෙනෙක්ගේ ආදරයක් ලැබෙනවට
ශෂිණි සිරිවර්ධන. වෙනත් විදිහකට කිව්වොත් ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ. බොහෝම නිහතමානී කෙනෙක් විදිහට, කවුරුත් දැන අඳුනන ශෂිණි පසුගිය දවසක තමන් මුහුණ දුන්අ සීරු තැන් ගැන හෙළිදරව්වක් කර තිබුණා. ඒ යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින්. මේ ඒ සාකච්ඡාවෙන් කොටසක්.
පළවැනි සැරේට අම්මා කෙනෙක් වෙන්න යද්දි දැණුනු දේ..?
පළවැනි ප්රෙග්නට් වුණ එක හරියට සැමරුවා. ඒ වුණාට ඇත්තටම වුණ දේ අපේ පළවැනි බබා නැතිවුණා. අපි එහෙම වෙයි කියලා හිතුවේ නෑ. මාස කිහිපයක් ඇතුළත නැතිවුණේ. අවුරුදු ගාණක් අපි ලයිෆ් එකේ පිටිපස්සට ගියා ඒකෙන්. අපි හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. පස්සෙ හිතුණේ මේක ගොඩක් සීරියස් දෙයක්නේ කියලා. පස්සෙ අපි ප්ලෑන් කරන්න ගත්තා. නැවත බබෙක් ආවා.. මොකක් හරි පෙර කරපු පවකට එයත් ගියා. අපි කරන හොඳ දේවල් කියන්න එපා කියනවනේ. සමහර අපි දිහා බලන් ඉන්න හැමෝම ආදරෙන් බලනවා කියලා මම හිතන් නෑ. මම හිතනවා හොඳයි කියලා නොකියා ඉන්න එක. පළවැනි එක නම් හැමෝටම කියලා වුණත් මෞර්යා හම්බෙද්දි කාටවත් කිව්වේ නෑ.
දරුවෙක් කුස ඇතුළෙම නැතිවුණාට පස්සෙ ඒ දැනෙන හැඟීම කොයි වගේ වුණාද ?
දරුවෝ නැතිවුණු එක දරාගන්න බැරිවුණා. ඇයි මමම කියලයි ආවේ පීඩනය. රිකවර් වෙන්නත් හරි අමාරු වුණා. මට තේරුණේ බුදුහාමුදුරුවෝන්ගේ කාලේ කිසාගෝතමීගේ කතාවක් තියෙන්නෙ, නොමළ ගේකින් අබ අහුරක් ගේන්න කියලා. ඒ වගේ ඒ විදිහට අම්මලා ගොඩක් මැසේජ් එවලා තිබුණා. ඒවා දැක්කම හිතුණා මට වඩා වේදනාවක් වින්ඳ අය ඉන්නවා. එක අම්මා කෙනෙක් එවලා තිබුණා. එයාට ළමයා හම්බෙලා, අතට අරන් සති දෙකෙන් නැතිවෙලා. මම ඒ වගේ දේවල් අහලා හෙමින් හෙමින් හිත හදාගත්තා. මම හරි වාසනාවන්තයි, ධනංජය පුදුම විදිහට මට මානසිකව උදව් කළා. මගේ නැන්දම්මාත් මගේ යාලුවෙක් වගේ. මගේ ෆැමිලි එකේ අයත් එහෙමයි. ඒක අපිට වළක්වන්න බෑනේ.
සිංගල් මාම්ලා ගැන ශෂිණි හිතන දේ ?
කවුරුත් කැමැත්තෙන් සිංගල් මාම් කෙනෙක් වෙන් නෑ. හස්බන්ගේ සපෝට් එකක් නැතුව බබෙක් හදන එක හරි අමාරුයි. එහෙම කෙනෙක් කරනවා කියන්නෙම එයා ශක්තිමත් ගැහැනු කෙනෙක්. අපේ සංස්කෘතියත් එක්ක අපි වෙන විදිහකට යන්නෙ. ඩිවෝස් වෙනවටත් වඩා භයානකයි දෙන්නෙක් රංඩු කරනවා දකිනකොට. විවෝස් වෙලා සිංගල් මාම් කෙනෙක් විදිහට ඉන්න එක හොඳයි...
ඔබත් යම් දවසක තනිවුණොත්..?
එහෙම වුණොත් ඉතින් ජීවිතෙට මුහුණ දෙනවා. ශක්තිමත්ව මුහුණ දෙනවා. පීඩන ආවා වුණත් මැරි කරන් නෑ. ආදරය තියෙන්න ඕනි. ආදරයක්, රැකවරණයක් ලැබුණොත් ජීවිත වෙනස් වෙයි. අපි ඕකෙම අනිත් පැත්ත ගමුකෝ. මම අකැමැත්තක් නෑ, එයාට තව කෙනෙක්ගේ ආදරයක් ලැබෙනවට. මම නැතිවුණත් එයා සතුටින් සැපෙන් ඉන්න ඕනි කියන තැන මම ඉන්නවා.