මානසික ලෙඩෙක් මගේ නමින් නළු නිළියන්ට කෝල් ගන්නවා
යූටියුබ්,ටික්ටොක්,ෆේස්බුක්, වැනි සෝෂල් මීඩියා ඉසව් ගණනාවක් නියෝජනය කරමින් කලාකරුවන් ප්රේක්ෂකයන් අතර ඉහළ ජනාදරයක් දිනාගනිමින් විවිධ කතා මවන්නෙකු වූ ධනූ ඉන්නාසිතම්බි යනු "ධනූ ට කියන්න' වැඩසටහන හරහා බොහෝ සෙයින් ජනප්රිය වු නිවේදකයෙක්. ධනූ ට පසුගිය දිනවල ඔහුගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම රාජකාරී ජීවිතයට බලපාන ගැටළුකාරි තත්වයකට මුහුණ පෑමට සිදු වූ සිදුවීමක් පිළිබඳව වාර්ථා වෙනවා. ඒ ඔහු නමින් වෙනත් පුද්ගයලකු කලාකරුවන් රැවටීමේ ප්රයත්නයක නියැලී සිටීම නිසා.
“ මම නිවේදකයෙක් විදිහට දැනට වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා. ඒ අතුරින් ලංකාදීප ඔන්ලයින් ධනූ ට කියන්න වැඩහටහන මේ වන විට අතිශය ජනප්රියයි. දැන් මාස එකහමාරකට විතර කාලයක ඉඳලා මානසික ලෙඩෙක් මම කරන ධනූට කියන්න වැඩසටහනේ නම පාවිච්චි කරගෙන ධනූට කියන්න ලෝගෝ එකේ දාගෙන ෆොටෝ ෂුට් කරන ශිල්පින්ගෙන් මොඩ්ලින් කරන තරැණියන්ගේ,නළු නිළියන්ගේ දුරකථන ඇමතුම් අරගෙන ලිංගික හිංසන සිදුවන ආකාරයට කතා කරලා තියෙනවා. ධනූ ට කියන්න වැඩසටහනේ වැඩසටහනක් දෙනවා කියලා සමහර අලුත් ආර්ටිස්ලා, මොඩ්ල් කරන ගෑණු ළමයින්ට අයුතු යෝජනා කරලා තියෙනවා. තව අයට කතා කරලා කියලා තියෙනවා මම ධනූ කතා කරන්නේ මම ෂෝ එකක් කරනවා කියලා සල්ලි කඩාගන්නත් උත්සාහ කරලා තියෙනවා. තව දමිතා අබේරත්න, දිනක්ෂි ජනප්රිය ආර්ටිස්ලා ගොඩක් දෙනෙකුට මම විදිහට කතා කරලා තියෙනවා. ඒ අය දැඩි අපහසුතාවයන්ට පත්වෙන අයුරින් තමයි කතා කරලා තියෙන්නේ. මේ මානසික ලෙඩා විශාල හානියක් කරගෙන යනවා.මට ලොකුවට සිංහල උච්චාරණය අමාරු නිසා ගොඩක් දෙනාට මේ ඇත්තටම මමද කියලා අඳුරගන්න පුළුවන් නිසා ආපු කොල්ස් ගැන කතා කරලා මට කියපු ආර්ටිස්ලාත් ඉන්නවා. මීට කලින් මම කතා නොකරපු සමහර ආර්ටිස්ලා අහුවෙලා තියෙනවා.
ඒ පිළිබඳව ධනූ නීතිමය ක්රියාමාර්ග අරගෙන තියෙනවාද?
මේ වෙනකොට සීඅයිඩී එකේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. හරි ආකාරයට ඒ පරීක්ෂණ සිදුවේවි කියලා හිතනවා. සමහර තැන් වලදි රාජකාරි මට්ටම් හරිම මන්දගාමීයි. හරියට නීතිය ක්රියාත්මක නොකරොත් මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා අමාරුවේ වැටෙන්නේ අපේ තරුණ ජීවිත. ගොඩක්ම අලුතින් ක්ෂේත්රයට එන්න ඉන්න අය ට මගේ නමින් කතා කරලා විවිධ ජායාරූප ඉල්ලලා තියෙනවා. ක්ෂේත්රයට එන්න තියෙන ආසාව නිසා සමහරු ජායාරූප යවලාත් තිබුණා. මේක කරන්නේ එක් පුද්ගලයෙක්ද කණ්ඩායමක්ද මොන අරමුණක් අරඹයාද කියන්න මට තේරෙන්නේ නැහැ. මම විදිහට කතා කරන පුද්ගලයාගේ වොයිස් රෙකෝඩින් පවා සීඅයිඩී එකට භාරදීලා තියෙන්නේ. මේ ගැටලුව නිසා මම විශාල අපහසුතාවයකට ලක්වෙලා ඉන්නේ. මම ඉල්ලා සිටිනවා ධනූට කියන්න වැඩසටහනට සහ වෙනත් වැඩසටහන්වලට කියලා ජායාරූප , විඩියෝ කෝල් මගේ නම පාචිච්චි කරලා එන්න පුවළුන් ඒවාට රැවටෙන්න .අහුවෙන්න එපා. අපි ඕනම වැඩසටහනකට එන්න කියන ක්රමවේදයක් තියෙනවා. අනිවාර් යෙන්ම අපේ වැඩසටහනකට ආරාධනා කරන්නේ මම නැත්නම් ධනූට කියන්න කණ්ඩායමේ ඉසුරු පමණයි.
නදීශා අතුකෝරළ