මේනක - නෙහාරා කැදැල්ලට ආ පුංචි කුමාරිකාව, නෝරිගේ බව්තීස්ම කිරීම සිදුවුණු අයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේනක - නෙහාරා සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තිය තමයි නෝරි. මේලි - නෝරි දෙන්නගෙන් හැඩවුණු මේ ආදරණීය කැදැල්ල දැක්කත් හිත පිරෙන තරමට සුන්දර පවුලක්. ඒ කතාවට ඔබත් එකඟ ඇති. ගෙවුණු දවසක ඔවුන්ගේ පවුලට විශේෂ මොහොතක් උදාවෙලා තිබුණා.

ඒ පුංචි නෝරි ඔවුන්ගේ ආගමානුකූලව බව්තීස්ම කිරීමේ චාරිත්‍රයයි. අලුත උපන් දරුවෙක්ගේ බෞතීස්මය දරුවාට වගේම දෙමව්පියන් දෙදෙනාටම සුවිශේෂී දිනයක් වෙන බව ඔබ දන්නවනෙ. ඒ අනුව දරුවාව පල්ලියට රැගෙන එන්නේ නිල වශයෙන් දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් කිරීමට.

ඉතින් ඒ මොහොත අතිශය සුවිශේෂී මතක පිරුණු මොහොතක් වෙනවා. ඒ නිසාම එහි මතක සේයා රූ ලෙස එකතු කරගැනීමට දෙමාපියන් අමතක කරන්නේ නෑ. මේනක - නෙහාරා යුවළත් ඒ ලස්සන දවස මේ විදියට කැමරා කාචයේ සටහන් කරගෙන තිබුණා.