මධුමාදව සහ බිරිඳ එකතු වෙලා කරපු රටක් වටින වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මධුමාදව අරවින්ද කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදකයෙක්. ඒවගෙම පසුකාලීනව දේශපාලනයට එකතුවෙමින් ජනතාව අතරට පැමිනි මධුමාදව පසුගිය කාලයේදී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්ව සිටියා. නමුත් දේශපාලනය තුලින් ඉදිරියට යන්න නොහැකි වුනු මධුමාදව නැවතත් තමන්ගේ සුපුරුදු කළා ක්ෂේත්‍රයට පැමිණිලා තියෙනවා. ඒවගේම තමයි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. මීට පෙර සිදුකල විවාහ සියල්ලෙන්ම වෙන්වුනු ඔහු මේ වෙනකොට සුන්දර යුවතියක් එක්ක විවාහ වෙලා දැන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. ඔවුන් දෙන්නගේ ඡායාරූප සමාජ මාධ්‍ය වල නිතරම දකින්න ලැබෙනවා. 

මධුමාධව සහ ඔහුගේ බිරිඳ විසින් ආරම්භ කරනු ලැබූ hope for life පිළිබඳව බොහෝ දෙනෙකු මේ විට දන්නා කාරණාවක්. පසුගියද එම පදනම විසින් කරපු වැඩක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතා බහට යොමු වෙලා තියෙනවා. මේ තියෙන්නේ එම කාරණාව පිළිබඳව මධුමාධව අරවින්ද මුහුණ පොතේ දැමූ සටහන.

තනි පොටට වඩා දෙපොට හයියයි
විශේෂ  දරුවන් එක්ක ගෙදර යන්න...
ආදරේ පැකට් ලෑස්තිවෙනවා.....
අමාරුම කාලයක මේ හැම දේම තනියම hope for life පදනමට කරන්න බෑ.......
Hope for life ආදරනීයන්ට වගේම
මේ දරුවන්ට ආදරේ බෙදන්න 
එකතු වූ අපේ ආදරනීයන් 
ශ්‍රමය කැප කල
මහන්සිය පූජාකල
පෝලින් වල ඉදල තෙල් ගහන්
මේ දරුවන්ගෙ දවස වෙනුවෙන් වෙලාව කැපකල
ඒ ආදරනීය මහන්සියට
සුබ පැතූ, ආදරේ කල, සතුටු උන මුහුනු පොතේ ආදරනීයන්ටත්.....
කියන්න තියෙන්නේ....
පක්ශ පාට කුල මල උස් පහත් කම් ගනන් ගන්නෙ නැති
ආදරනීය මිනිස්පොකුරකට දැම්ම නමක් මයි...
Hope for life........
ජීවිතයට බලාපොරොත්තු ...
ඔව් අපි ඒ සුරංගනා කතාව අපිට පුලුවන් විදිහට
ලියමු.......