මධුනිකා නශාලිගේ කවර් සෝන්ග් එකක් නිකුත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මතකද මාව.. තාම ඔයාට.. ගීතයෙන් රටක් ආදරය කළ චරිතයක් බවට පත්වූ මධුංකා නශාලී පසුගිය දිනවල "කොවිඩ්" රෝගය ආසාධනය වී සිටියා. මේ වනවිට ඉන් පූර්ණ සුවය ලබමින් සිටින මධුනිකාගේ අලුත් වැඩක් අප්‍රේල් 25 වැනිදා නිකුත් වෙන අතර, ඒ පිළිබඳව තොරතුරු අපි ඇයගෙන් විමසුවා.

'කොවිඩ්' හැදිලා නිසා අලුත් වැඩක් කළේ නැහැ ළඟදි. 'කොවිඩ්' රෝගය ආසාදනය වුණ නිසා පසුගිය සති කිහිපයේම විවේක සුවයෙන් තමයි හිටියේ. කරපු වැඩක් අප්‍රේල් 25 වැනිදා එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. මේක මිනා ප්‍රසාදිනි අක්කා ගායනා කරපු මතකයිද අද වගේ.. කියන ගීතයේ අනු නිර්මාණයක්. පසිඳු කාවිංග මල්ලි තමයි මේ ගීතය නිෂ්පාදනය කළේ. ඔහුගේ යූ ටියුබ් නාලිකාව හරහා තමයි මේ ගීතය අප්‍රේල් 25 වැනිදා නිකුත් කරන්න සූදානම් කරලා තියෙනවා.