මාතෘත්වයට පිදෙන Happy Birthday චිත්‍රපටය දැන් දිවයින පුරා
කෝවිඩ් වසංගත තත්වය නිසා 2020-2021 කාලයේදී දේශීය සිනමාපට නිකුත් වීම මඳක් අඩාළ වුණත් පසුගිය වසර අවසාන භාගයේ සිට නැවතත් සුපුරුදු පරිදි ලාංකීය චිත්‍රපට ගණනාවක්ම මෙරට සිනමාහල් පුරා තිරගත වීම ආරම්භ වුනා. විශේෂයෙන්ම 2022 වසරට පා තබා තවමත් ගත වූයේ මාස තුනකටත් අඩු කාලයක් වූවද මේ කෙටි කාල සීමාව තුළ ලාංකීය නිර්මාණකරුවන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 04කට නොඅඩු ප්‍රමාණයක් දිවයින පුරා සිනමාශාලා ප්‍රදර්ශනය ආරම්භ කළා.
අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ රශ්මි එසේ තිරගත වීම ආරම්භ කළ ලාංකීය චිත්‍රපට 04 වනවා.
ඒ නිර්මාණවලට පසු 2022 වසරේ මුදාහරින 05වන ලාංකීය චිත්‍රපටය වශයෙන් පසුගියදා ප්‍රදර්ශනය ඇරඹියේ දිල්හානි අශෝකමාලා සමඟින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ප්‍රධාන චරිත රඟන හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමා නිර්මාණයයි. අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය Stein Films නිෂ්පාදනයකි. Happy Birthday සිනමාපටයේ කතා තේමාව ගෙතෙන්නේ මවක් සහ ඇගේ දියණියන් දෙදෙනාට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක අත්දැකීමක් වටායි.
පසුගිය මාර්තු 25වනදා සිට LFD හා CEL මණ්ඩල ඒකාබද්ධ බෙදාහැරීමක් ලෙස තිරගත වීම ඇරඹුනු හැපී බර්ත්ඩේ (Happy Birthday) සිනමාපටය දිවයින පුරා සිනමාශාලා 34කදී ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා.