මඩ ගහන තරමට මට මොරාල් එකක් ආවා - මෙතෙක් කාටවත් නොකී යුරේනිගේ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යුරේනි නොෂිකා කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. විශේෂයෙන්ම ඇගේ ආන්දෝලනාත්මක විලාසිතා නිසාම ඇය කතා මවන්නියක් බවට පත්වෙලා ඉන්නවා. මේ තියෙන්නෙ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් සංවේදී ව පළ කළ අදහස් කිහිපයක්.

"අපේ ආච්චි අම්මා මට අවුරුද්දට ඇඳුම් දෙකයි මහලා දෙන්නේ. නත්තලට ඇඳුමක් මහලා දෙනවා. සිංහල අවුරුද්දට දෙනවා.."

"මම හුඟක් පාසල් කාලෙම ඇන්දෙ සෙකන්ඩ් හෑන්ඩ් ඇඳුම්. අපේ පල්ලියේ ගොඩක් පොහොසත් කට්ටිය හිටියේ. එයාලගේ ළමයින් අයින් කරපුවා තමයි මම ඇන්ඳේ..."

"හැබැයි අද පිටරට වල ගිහින් ඇඳුමම් ගන්න, මම ආස කරන දේවල් ගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒ හැමදෙයක්ම දකිද්දි මට මාර සතුටුයි වගේම දුකකුත් තියෙනවා..."

"අපේ රටේ කාන්තාවක් තනියම හම්බකරොත් කියන්නෙ එක්කො ව්‍යාපාරිකයෙක් තියන් ඉන්නවා. දේශපාලඥයෙක් තියන් ඉන්නවා, නැත්තම් වටේ යනවා කියලා, හරි පහත් විදිහට තමයි දකින්නේ.."

"මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි මාව ශක්තිමත් කළේ මිනිස්සුන්ගෙන් ආපු ගල් මුල්, අපහාස කිරීම්... මට මිනිස්සු මඩ ගහන තරමට මට පුදුම මොරාල් එකක් ආවා කවදහරි තැනකට ගිහින් පෙන්නනවා කියලා.."