මෝටර් බයිසිකල් හැදු ෂමිරගේ සිහින නෙළුමි මල් ළඟදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෝටර් බයිසිකල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ලාංකේය සිනමාවට අත්පොත් තැබූ ෂමීර රංගන නාඔටුන්නගේ දෙවන සිනමා නිර්මාණය වන 'සිහින නෙළුමි මල්' චිත්‍රපටය නුදුරේදිම සිනමාශාලා රැසක තිරගත වීම නියමිතයි. ෂමීරගේ මෙවර චිත්‍රපටය කතාව බවට පත්වනුයේ ලංකාවේ වෙසෙන තරුණ යුවළකට දරුවකු නොමැතිවීමෙන් ලක්වන පීඩනයත්, ඉන් මිදීමට ඔවුන් විසින් ගන්නා උත්සාහයත් පිළිබඳවයි.

චිත්‍රපටයේ තිර රචනය චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් රචනා කර ඇති අතර ප්‍රධාන චරිත ද්විත්වය සඳහා රංගනයෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සහ දුෂේනි මියුරංගි දායක වෙයි. සෙසු චරිත සඳහා සුප්‍රකට නළු නිළියන් ලෙස උමාලි තිලකරත්න, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, දයාදේව එදිරිසිංහ, කළණ ගුණසේකර සහ ප්‍රියන්ත සෙනෙවිරත්න නිරූපණය කරයි.

චිත්‍රපටයේ සංස්කරණය රවින්ද්‍ර ගුරු⁣ගේ විසින් සිදු කර ඇති අතර කැමරාකරණය විශ්වජිත් කරුණාරත්නගෙනි. නිෂ්පාදනය වරුණ අරඹගේ විසින් සිදු කර ඇත. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය මිලින්ද තෙන්නකෝන් විසින් නිර්මාණය කර ඇති අතර තේමා ගීත සඳහා ගායනයෙන් මිහිඳු ආරියරත්න සහ ශෂිකා නිසංසලා විසින් සිදු කරයි.

චිත්‍රපටයේ ⁣'කිරි කැටියෝ', 'රෝස කුසුම' සහ 'ඔබ මගේ' ගීතය සමඟ නිල පූර්ව ප්‍රචාරක පටය මේ වනවිටත් යුටියුබි ඔස්සේ නැරඹිය හැකියි. මාතෘත්වය, ප්‍රේමය සමඟ වෙනස්ම ගණයේ කතාවක් සහිත 'සිහින නෙළුමිමල්' චිත්‍රපටය ළගඳිම ප්‍රේක්ෂක හමුවට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටී.

බුද්ධික සේනාධීර