මටත් දුවෙක් ඉන්නවා, මාත් තාත්තා කෙනෙක්, මේ කන කට්ට හිතාගන්න බෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව පරපුරේ ගායකයෙක් වශයෙන් ඉතාමත් ඉක්මනින් ජනතාව අතර ප්‍රසිද්ධ වෙච්ච සුන්දර කලාකරුවෙක් තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ. පුංචි කාලේ ඉඳන්ම ගායකයෙක් වෙන්න ඕනේ කියලා චේතනාව මත ඒ හීනය හැබෑ කරගන්න ඔහු සෑම අවස්ථාවකදීම ඔහු උත්සාහ දරපු කෙනෙක්.

ඒ නිසාම අවසානයේ ඔහුගේ ඒ මියුරු කටහඬ අදටත් අපි අහන්න ආස කරන ප්‍රේක්ෂකයන් ඉතා ඉහළින් වැළඳගත්තේ ගීත නිර්මාණ රැසක් බිහි වුණා. ඒ අතරින් කියඹුලතාවේ, අහිංසකාවී, අවසන් පෙම මගේ, නිදුකින් ඉනුමැන, ආදරෙයි වස්තු ආදරෙයි ගීත ද අතිශයින් ජනප්‍රිය වෙච්ච ගීත නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන්.

ඉතින් එළිමහන් ප්‍රසංගයක් තිබ්බොත් අනිවාර්යෙන්ම දිමංක වෙල්ලාලගේ කියන ගායකයා වරදින්නේ නැහැ ඔහුට කොහේ ගියත් ඒ සඳහා ආරාධනා ලැබෙනවා. ඒ වගේම ලැබෙන සෑම ආරාධනාවක් ම කාර්යබහුලතාවයත් එක්ක සළකා බලා පිළිගන්නා ඔහු බාරගත්තු වැඩක් අතපසු කරන්න හිතන කලාකරුවෙක් නෙවෙයි. ඒ වගේම මේ දවස් වලත් කලා ක්ෂේත්‍රයේ බොහෝ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න ගායක ගායිකාවන්ට ආරාධනා ලැබෙනවා. නමුත් ප්‍රවාහන පහසුකම් සඳහා අවශ්‍ය කරන ඉන්ධන නොමැති වීම නිසා මේ සියලුම දෙනා අද වෙද්දි ලොකු අර්බුදයකට මුහුණ දීලා. ඉතින් මේ සොඳුරු ගායකයාත් ඒ ප්‍රශ්නෙට ඒ විදිහටම මුහුණ දීපු කෙනෙක් ජීවිතයේ අද වෙද්දී බොහෝ දෙනා අසරණයි ඒ විදිහට අසරණ වෙච්චි දිමංක ඒ අවස්ථාව පිළිබඳව සංවේගයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“ප්‍රසංගයක් තිබ්බා ඒ ප්‍රසංගයට ගිහින් එද්දි වාහනය කුලිය රුපියල් 50750යි. කිලෝමීටර් 317ක් ගියා. ඇත්තටම මම කල්පනා කලේ ෂෝවලට ගිහින් වැඩක් නැහැ. පහුගිය කාලේ රාජාංගනය ප්‍රසංගයක් තිබ්බා මම බස් එකෙත් ගියා. ගිහින් එද්දි යාලුවෙක්ගෙ වාහනයක අපි ආපහු ආවෙ. ඉතින් මිනිස්සු විදියට අද අපි මේ කන කට්ට මොකක්ද කියලා හිතාගන්න බෑ.

මිනිස්සු විඳින වේදනාව දැක්කම මට තේරෙන්නෑ මේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මිනිස්සු මේ විදිහට පවුකාර විදිහට අසරණ කරන්න එපා. මිනිස්සුන්ගෙ කර මතින් ඇවිල්ලා රජ වුණාට පස්සේවත් පුළුවන්නම් දැන්වත් මේක හදන්න. මේ තත්වෙට කලින් ඉඳන් මිනිස්සුන්ට කන්න බොන්න නෑ. මමත් තාත්තා කෙනෙක් මටත් දුවෙක් ඉන්නවා ඇත්තටම පුදුම අසරණයි සමහර වෙලාවට”

ඉතින් ඔහු පසුගිය දවසක මුහුණ දීපු ඔය අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඒ ආකාරයෙන් තමයි අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.