මට වැලෙන්ටයින් එකට ගිෆ්ට් එකක් ලැබුණේ 2011 වසරේ
ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම දකින ඉෂංකා අබේසේකර ඔබ අප කවුරුත් අද වෙන කොට ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්. මේ දිනවලද ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දකින ඇයගෙන්ද අපි ආදරණිය දිනයේදි ලැබුණ මුල්ම තෑග්ග ගැන විමසුවා.
පළවෙනි පාරට මට වැලෙන්ටයින් එකට ගිෆ්ට් එකක් ලැබුණේ 2011 වසරේ. ඒ මගේ හිටපු පෙම්වතාගෙන්. එයා එතකොට හිටියේ එංගලන්තයේ. කප්රුක හරහා තමයි එයා මට මේ ගිෆ්ට් එක එව්වේ. හාට් එකක් හැඩේට හදපු ලස්සන රෝස පාට කේක් එකකුයි කහපාට ටුවිට් බර්ඩ් කෙනෙකුයි තමා මට එයා ගිෆ්ට් එකක් විදිහට එව්වේ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඉතින්. මොකද වැලෙන්ටයින් දවසක මට ලැබුණ පළමු ගිෆ්ට් එක නිසා.