මට වැලෙන්ටයින් එකට කියලා මුලින්ම ලැබුණේ චොකලට් එකක්
රංගන ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් ලෙසද වර්තමානයේ බොහෝ රසික පිරිසක් ආදරය කරන සුන්දර කලා කරුවෙක් තමා සූර්ය දයාරුවන් කියන්නේ. ආදරණිය දිනයේදී ඔහුට ලැබුණ මුල්ම තැග්ග ගැන අප විමසුවා. මේ ඔහු ඊට අපිට ලබාදුන් පිළිතුර.
මට වැලෙන්ටයින් එකට කියලා මුලින්ම ලැබුණේ චොකලට් එකක්. මගේ මතකය හැටියට නම් ඒක මට ලැබුණේ මම පාසලේ දහවැනි වසරේ ඉගෙන ගන්න කොට. ඒ කාලේ ඉතින් ආදර සම්බන්ධතා ගැන ලොකු තේරුමක් තිබුණේ නැහැ මට. වැලෙන්ටයින් දවසක මට ලැබුණ මුල්ම ගිෆ්ට් එක නිසා මගේ මතකයේ ඒක තියෙනවා. ඊට පස්සේ නම් මට වැලෙන්ටයින් එක දවසට කියලා කවදාවත් ගිෆ්ට් එකක් කවුරුත් දීලා නැහැ.