මීට වඩා මගේ දුව ඉස්සරහ මාව ෆේල් කරන්න එපා - මනුරංග ඉල්ලපු සංවේදී ඉල්ලීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මනුරංග විජේසේකර කියන්නේ නව පරපුරේ ගායකයන්ට අපූරු පදමාලා නිර්මාණය කරලා දෙන අපූරු ගේයපද රචකයා. ඔහු මේ වන විට විවිධ දක්ෂතා ඔස්සේ බොහෝ පිරිසක් අතරට පැමිණ තිබෙනවා. මනුරංග සහ ලහිරු කියන සංයෝගයෙන් ඉතාම වෙනස් සංගීත හැඩයක් පවා බිහි වුණා. නිර්මාණශීලී මිනිසකු ලෙස මනුරංගව අවිවාදයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. 

ඉතින් මේ වෙද්දීඔහු විවිදදක්ෂ තාවයන් එක්ක ප්‍රේක්ෂක සිත් පිනවනවා. ලහිරු සහ මනුරන්ගකියන දෙදෙනාගේ සංයෝගයෙන් වෙනස්ම ආකාරයේ සංගීතයන් පවා බිහි වුණා.ඉතින් මේ දක්ෂ නිර්මාණශීලී තරුණයා කසාද බැන්දේ 2019 වසරේදී. ඉතින් ඔහුගේ අත ගත්තේ දිල්තාරා කියනකෙනා.

වර්තමානයේ ඇති ජනතා අරලය වෙනුවෙන් කලාකරුවන් බොහෝ දෙනෙකු එක්ව තිබුණා. ඉතිං මේ කාරණාව සහ මෙම අරගලය පිළිබඳව මනුරංග ඉතාමත් සංවේදි සටහනක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තබා තිබුණා.

ආදරණීය දුව වෙත ,
දුව කවද හරි ඔයා මේක කියවයි .හැබැයි ඒ දවස වෙනකොට සමහරවිට ඔයා මට සාප කරයි .නැත්තං ඔයා මම ෆෙල් කියලා කියයි 
ගොඩක් අය කියනවා මේ වෙලාවේ වෙන රටකට යන්න කියලා .බැරිකමකුත් නෑ .හැබැයි මොකක්ද වෙන සිතිවිල්ලක් මට ඒකට ඉඩ දෙන්නේ නැහැ .මට හිතෙන්නෙම මේ රට ගොඩ යයි කියලා .මගේ හිතේ බලාපොරොත්තුව නැති වෙලා නෑ .
හැබැයි ඒ කියලා මේ රට ගොඩ යන හරි සිස්ටම් එකක් පේන්නෙත් නෑ .අපි මුළු ලෝකයක් ඉස්සරහම අවමානයට ලක් වෙලා .
අවුරුදු ගණනාවක් තිස්සේ අපි ගත්ත හැම දේශපාලන තීන්දුවක් ම වැරදියි .මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන.ඒත් ඒ කාටවත් ඇහෙන්නේ නෑ පුතේ .
එහෙම දැන දැනත් මට මේ රට දාලා යන්න හිතෙන්නේ නෑ.
සමහරවිට මං ඔබේ මුළු ජීවිතේටම කරන ඒක ලොකු අපරාධයක් වෙන්න පුළුවන් .
තුන්වෙනදට මමත් පාරට යනවා .අමුතුවෙන් යන්න දෙයක් නෑ අපි කොහොමත් ඉන්නේ පාරේ .හැබැයි අපි පාරට යන්නේ  බස් ගිනි තියන්න , ගහ මරාගෙන වෙඩි තියාගන්න නෙමෙයි .
මේ සිස්ටම් එකට තියෙන ප්‍රතිරෝධය පෙන්නන්න.අපිට නිදහසේ ඉන්න පරිසරය හදලා දෙන්න කියලා ඉල්ලන්න .මගේ දුව ඉස්සරහ මාව අසරණ කරන්න එපා කියලා ඉල්ලන්න
මේකත් කාගේ හරි දේශපාලන උගුලක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා .
ඔයාලා ඔයාලගේ දේශපාලන වෘත්තීය හරියට කරන්න.එතකොට මට ගෙදෙරට වෙලා දුවත් එක්ක ඉන්න තිබුණා 
සමාවෙන්න දුවේ .මම ඇතුලු අපේ පරම්පරාවම  ෆෙල් ..
මීට වඩා මගේ දුව ඉස්සරහ මාව  ෆෙල්  කරන්න එපා