මට දැන් ලංකාවේ කෑම හම්බෙනවා අඩු නිසා මම ඒ රස හොයනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දේශානි නෙහාරා. 

දේශානි Travel කරන කෙනෙක්ද ? 

ඔව් මම Travel කරන කෙනෙක්. මගේ රැකියාව වෙන්නේ ගුවන් සේවය. ඉතින් රැකියාවත් එක්ක මම දැන් Travel කරන කෙනෙක්. 

Travel කරන්න කොච්චර කැමතිද ?

ඇත්තටම Travel කරන්න මම ගොඩාක් කැමතියි. රට රටවල්වලට යනවා විතරක් නෙමෙයි. ලංකාවේ හැමතැනම වගේත් ඇවිදින්න ගොඩක් කැමති කෙනෙක්. මගේ ලොකුම හීනේ වෙන්නෙත් ලංකාවේ වගේම ලෝකේ වටේම Travel කරන එක. ඒ වගේම මගේ අක්කාත්  Travel කරන්න තිබුණ කැමැත්ත නිසාම ගුවන් සේවය තෝරගත්තේ. ඉතින් මමත් ගුවන් සේවය තෝරාගත්තා Travel කරන්න තියෙන කැමැත්ත නිසා. මේ රැකියාව එක්ක Travel කරන්න ගොඩක් හොඳ අවස්ථා තියෙනවා. ඒ දේ ගැන මට ගොඩක් සතුටුයි. ලෝකේ පුරාම ගිහින් ඒ අත්දැකීම විදින්න, පාස්පෝට් එකේ හැම රටකම සීල් එක තියාගන්න වගේ පුංචි පුංචි ලස්සන හීන තියෙනවා. නමුත් වෙන රටක ජිවත් වෙනවා කියන එක තමන්ගේ රටේ ජිවත් වෙනවා කියන එක තරම් සුන්දර නැහැ. වෙනත් රටක ජිවත් වෙන ලංකාවේ ඕනෑම කෙනෙක් ඒක දන්නවා. 

දේශානි වැඩිපුරම travel කරන්නේ කවුරු එක්කද ? 

ගොඩක් වෙලාවට මම Travel කරන්නේ යාළුවෝ එක්ක. තනියම Travel කරන අවස්ථා තියෙනවා. මගේ ලංකාවේ යාළුවන් එක්ක තමයි මම ලංකාව වටේ Travel කරන්නේ.  

දේශානි ලෝකේ වැඩිපුරම Travel කරන්න කැමති කොහෙද ? 

ගොඩාක් තැන් තියෙනවා. මම ගොඩක්ම කැමති හැමදෙයක් ගැනම  Explore කරන්න, අලුත් අත්දැකීම් ලබන්න කැමති කෙනෙක්. මට එක තැනක් තෝරලා කියන්න අපහසුයි. මොකද මම ගොඩක් තැන් වල ඇවිදින්න යන්න අසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ලංකාවේ නම් මම බදුල්ල, බණ්ඩාරවෙල පැත්තේ Travel කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට අායෙමත් සැරයක් නුවරඑළියේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා. තවම වෙනත් රටවල් නම් ප්ලෑන් කරලා නැහැ. තව ලෝකයේ සැඟවිලා තියෙන ලස්සන තැන් මම එකතු කරගෙන තියෙනවා. දැනට මට ඕමාන් වල කෙව්ස්, පොඩි පොඩි දූපත් වගේ තැන් ගැන තොරතුරු හම්බෙලා තියෙනවා. ඉතින් ඒ තැන්වල සුන්දර අත්දැකීම් ලබාගන්න කැමතියි.  

දේශානි ලංකාවේ වැඩිපුරම travel කරන්නේ කොහෙද ? 

ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ නුවර. මගේ ගම කෑගල්ලේ නිසා ගමේ යන අවස්ථාවල අනිවාර්යයෙන්ම නුවරටත් ගිහින් එනවා. ඒ වගේම  ගාල්ලේ මගේ යාළුවෝ ඉන්නවා. ඒ නිසා නිතරම වගේ ගාල්ලේ යනවා. 

පිටරට වල වැඩිපුරම travel කරන්නේ කොහෙද ? 

මගේ රැකියාවත් එක්ක ගොඩක් වෙලාවට මම Travel කරන්නේ රුසියාවට වගේම මොස්කව් වලට තමයි. ෆස්ට් ටයිම් මම මොස්කව් වලට යන්නේ. ඒ වගේම මම මේ වෙද්දී වැඩිපුරම  Travel කරලා තියෙන්නේ මොස්කව් වල. නමුත් මම  Travel කරන්න කැමතිම රට නමි ඉතාලිය. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඒ දැනෙන වයිබ් එකට මම හරිම කැමතියි.  

දේශානි මෙච්චර කාලෙකට travel කරපු ලස්සනම මතක හිටින සංචාරය මොකක්ද ? 

ඉතාලි සංචාරයට තමයි මම ගොඩක්ම කැමති. මොකද මම කවදාහරි දවසක යන්න ගොඩක් කැමැත්තෙන් හිටපු රටක්. ආයෙමත් ඉතාලි යන්න බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට පහසුවෙන් වීසා ගන්න අපහසු රටක්. නමුත් මගේ රැකියාවෙන් මට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මම ගොඩක්ම ඒ රටේ සංස්කෘතියට, කෑම බීම වලට ගොඩක් කැමතියි. ඒ වගේම ස්පැගටි, පීසා ජාති වගේ ඉතාලියේ කෑම තමයි මම හැදුවත් හදන්නේ. තව ගොඩක් දේවල් ඉතාලියේ බලන්න තියෙනවා. මට දවස් දෙකයි ඉතාලියේ ඉන්න හම්බුණේ. ආයෙමත් මම ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.   

දේශානි Travel කරන එක ගැන මොකද හිතෙන්නේ ?

Travel කරන එක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. . ඉතින් අපිට මේ ලැබුණු ජිවිතේ උපරිමය විදින්න ඕන. ලෝකේ කොච්චර ලස්සනද, ඒ ලස්සන තැන් වලට ගිහින් අපි ඒ දේවල් විදින්න ඕන. ඒ වගේම ලංකාවෙත් අපිට Travel කරන්න ගොඩක් තැන් තියෙනවා. ඉතින් Travel කරනවා කියන්නේ අපේ මානසික නිදහසට සහ සෞඛ්‍යයට ලොකු සහනයක්. වෙනස්ම අත්දැකීමක් කියලා මම හිතනවා.  

කෑම කන්න තැන් හොයාගෙන travel කරනවද ?

මම සාමාන්‍යයෙන් Travel කරන්න යන තැන තියෙන රස කෑම කන කෙනෙක්. කෑම වෙනුවෙන්ම තැනක් හොයාගෙන යනවා අඩුයි. නමුත් මම ගොඩක් සැර කෑම කන්න කැමතියි. මම කෑම බීම තෝරනවා අඩුයි. ඕනෑම කෑමක් කන කෙනෙක්. ඒ වගේම එක එක කෑම වර්ග ට්‍රයි කරන්න කැමතියි. 

Travel කරද්දී දේශානිට කන්න හම්බුණ රසම කෑම මොනවද ?

ලංකාවේ නම් හැම කෑම එකකටම වගේ කැමතියි. මොකද මට දැන් ලංකාවේ කෑම හම්බෙනවා අඩු නිසා මම ඒ රස හොයනවා. ලංකාවේ Travel කරද්දී හමුවන ඕනෑම කෑම එකකටත් හරිම කැමතියි. මම විදේශ සංචාරයන්වලදී රසවිඳපු රසම කෑම තිබුණේ ඉතාලි සංචාරයේදී තමයි. ඉතාලි ගියපු අවස්ථාවේ ඔරිජිනල් ඉතාලියන් පීසා සහ ස්පැගටි වල රස බලන්න අවස්ථාව හම්බුණා. ඒ රස නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ රස වෙන කොහෙදිවත් ගන්න බැහැ.    

Travel කරද්දි සිදු වුණු අමතක නොවෙන රසබර මතක මොනවද ? 

මේ ළඟදි දවසක මම ලංකාවට පැමිණි අවස්ථාවක මගේ හිතවත් කිහිපදෙනෙක් සමඟ මගේ ශුට් එකකට සහ Travel එකකට අපි ත්‍රිකුණාමලේ ගියා. අපි ත්‍රිකුණාමලේ ලයිට් හවුස් එක පැත්තට ගියා ශුට් එකේ පොටෝස් වගයක් ගන්න. එතකොට හවස 6 පහු වෙලා. යන පාරත් අබලන් වෙලා, කළුවරත් වැටිලා, ඒ වෙලාවේ කවුරුත් මිනිස්සු හිටියෙත් නැහැ. අපිට කිව්වා ඒ පැත්තේ පිරිසක් මේ  පැත්තට යන්න එපා අලි ඉන්නවා කියලා. කොහොමහරි ලයිට් හවුස් එක ළඟට ගිහින් පොටෝස් ගහලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙද්දී අපිව අල්ලාගෙන කිව්වා, "කවුද මේ වෙලාවට මෙතනට එන්නේ, මේ වෙලාවට අලි එනවා. ඔයාලට මුකුත් වුණොත් අපිට වගකියන්න බැහැ කියලා. අපිව එලෙව්වා" එදා දවසේ නම් මම වගේම අපේ කණ්ඩායමම ගොඩක් බය වුණා. අපි අතරමං වුණා. පාර අහගන්නවත් හොයාගන්නවත් බැරි වුණා. පාර මඩ වෙලා, කළුවරයි හොදටම, ඒ පැත්තේ ඉන්නෙ දෙමළ මිනිස්සු ඒ මිනිස්සුන්ට වැඩිය සිංහල බැහැ. ඉතින් එයාලා කෑගහනවා අලි එනවා ඉක්මනින් යන්න කියලා. කොහොමහරි අපි බය වෙලා පැයක් විතර එකම තැන කැරකිලා තිබුණා අතරමං වෙලා. මම බය වෙච්ච තරමට ගෙදරට කෝල් කරලත් කිව්වා අපි අතරමං වුණා කියලා. ආයේ නම් ඒ වගේ දුෂ්කර ගමන්  යන්නෙත් නැහැ කියලා හිතාගත්තා.        

දේශානිගේ පුංචි කාලේ travel මතක මොනවද ?

පුංචි කාලේ මට මතක විදියට ලස්සන තැන් වල Travel කරලා තියෙනවා. මම හරිම දග වගේම වස කෙනෙක් චූටි කාලේ. කොහොමහරි එක අවස්ථාවක සීගිරි ගිහින් මගේ යාළුවෝ ඔක්කොටම මම ගහල තිබුණා. ඒ වගේ දග මතක තියෙනවා චූටි කාලේ Travel කරද්දී නම්. අම්මා, තාත්තා, අක්කා එක්ක මම Travel කරපු, පාසල් කාලේ ගියපු Trip වල ලස්සන මතක වගේම යාළුවෝ එක්ක Travel කරපු මතක තියෙනවා. ඇත්තටම ඒ මතක හරිම සුන්දරයි.

වෙනත් රටක ජීවත් වෙන කෙනෙක් විදියට travel මතක මොන වගේ ද ?

මම ජිවත් වෙන්නේ ඩුබායිවල. දැන් මේ රටට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. මුල් කාලේ නම් මට ගොඩක් අපහසු වුණා මේ රටට හුරු වෙන්න. මොකද අපේ රට ගස් කොළන් වලින් වටවුණු වෙනස්ම දේශගුණයක් තියෙන රටක්නෙ. නමුත් මේ රටේ වෙනස්ම වටපිටාවක් තියෙන්නේ. ගස් කොළන් දකින්න ලැබෙනවා අඩුයි. තවමත් මම මේ රටට හුරුවුණු කෙනෙක් නෙමෙයි. නමුත් ගොඩක් වෙලාවට මේ රටේ එහෙ මෙහෙ යන්නෙත් තනියම තමයි මේ රටේ යන්න ඕන සුවිශේෂී තැන් ගොඩකට මම යාළුවෝ එක්ක ගිහින් නම් තියෙනවා. නමුත් තව Travel කරන්න තැන් ගොඩක් තියෙනවා.

 

අමා අලහකෝන්