මට ආයෙ වයිෆ්ලා එපා මගේ කොන්ද පණ තියෙනවා දරුව තනියම හදා ගන්න
ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය 'හිරු ස්ටාර්' හරහා අතිශය කතාබහට ලක්වූ මනේජ් සංජය කියන්නෙ මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම තමයි 'රැල්ලට වෙරළට ආදරෙයි' ටෙලි නාට්‍යයේ 'ජෝඩු කරගෙනා' ගීතය ගයන්නේ ද මනේජ් විසිනුයි. පසුගිය දවසක මනේජ් හා හා පුරා කියලා කුළුදුලේ ම තාත්තා කෙනෙක් වුණා. මේ තියෙන්නෙ මනේජ් යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් දැක්වූ අදහස් කිහිපයක්.
දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවැනි විවාහයකට යද්දි, සමාජය ගොඩක් දේ කියනවා. දරුවෙක් ඉන්නා තාත්තා කෙනෙක් ගැන ඒ විදිහට වැඩිය හිතන් නෑනේ.. ඇයි ඒ ?
මම කියන්නෙ පිරිමියෙක් වුණාමත් ඒක හිතන්න ඕන. ආදරේ නැතත් දරුවෝ හැදුවේ තමන්නෙ. මගේ නම් අංක එක දරුවා සහ බිරිඳ. උදාහරණයක් කියන්නම් මගේ නැන්දා. එයා තරුණ කාලේ මාමා නැති උනේ. අදටත් එයා අවිවාහකව, දරුවත් බලාගෙන උස් මහත් කරනවා. පර්සනල් ලයිෆ් එක ගැන හිතුවේ නෑ. මම කියන්නෙ එහෙම වෙන්න ඕනම නෑ. ඒත්... තාත්තා වෙනුවට ගේන කෙනා තාත්තාම වෙන් නෑනේ හැමවෙලාවෙම..
මනේජ්ට තනිවෙන්න වුණොත්? දෙවැනි විවාහයකට යනවද ?
දෙවැනි පාර නම් විවාහ වෙන් නෑ. ලියලා තියාගන්න. තනි වුණත් මට මගේ දරුවා හදාගන්න කොන්ද පණ තියනවා. මට මගේ බිරිඳ සහ දරුවෝ තරම් ලෝකයක් නෑ. මගේ දරුවට තව කෙනෙක් ඇවිත් අම්මගෙම සෙනෙහස දෙන් නෑ. එහෙම වුණොත් මම මගේ දරුවා හදාගෙන තනියෙන් ඉන්නවා. අම්මා දෙන ආදරේ තාත්තට දෙන්න බැරිද. මම මගේ දරුවට පණ වගේ ආදරෙයි. මට පුලුවන් එයාව බලාගන්න.