මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස තිබුණා
ජනප්‍රිය නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා හඳුනාගත් සකුරා විමලසේන මේ.වනවිට ව්‍යාපාරිකාවක් ලෙසද ඉදිරියට පැමිණ තිබෙනවා. ඇය මීට මාස කිහිපයකට පෙර 'සකුරාවී' නමින් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා. සකුරා ව්‍යාපාරිකාවක් වීම නිසා ඇය කලාවෙන් ඈත් වුණාද?. මේ කතාබහ ඇය සමගින්.
මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ?
ඇත්තටම කියනවනම් මේ දවස්වල වැඩ ටිකක් අඩුයි
ව්‍යාපාරයත් එක්ක කාර්යබහුල වෙලාද?
පහුගිය දවස්වල නම් ටිකක් කාර්ය බහුල වෙලා හිටිය මේ දවස්වල ටිකක් නිදහස් ව්‍යාපාරය පැත්තෙන්.
සකුරාවි ගැන හඳුන්වලා දුන්නොත්?
සකුරාවී කියන්නෙ ප්‍රඩක්ශන් හවුස්` එකක්. ඇත්තටම මේක මගේ ගොඩාක් කාලයක් තිස්සේ හිතේ තිබ්බ හීනයක්.
සකුරාවි එකෙන් මොනවද වෙන්නේ?
සකුරාවී එකෙන් හැම දෙයක්ම වෙනවා. පිටපතක් ලියන තැන ඉදල හැම දෙයක්ම සකුරාවී එකෙන් කරගන්න පුළුවන්. (මියුසික් වීඩියෝස්, ටෙලිඩ්‍රාමා, ටීවී වෙළඳ දැන්වීම්, ඇඩ්ඩවටීස්ට්මන්ට්,ෆොටෝ ශූට්ස්,)
දැන් එතකොට කලාවෙන් ඈත් වෙලාද?
නැහැ. කලාවෙන් ඈත් වෙලා නැහැ. නමුත් මම පහුගිය කාලයේ කොරෝනා නිසා වැඩ කලේ නැහැ. අනික කොහොමත් මම වැඩ තෝරා බේරාගෙන කරපු නිසා. නිතරම පෙන්නේ නෑ.
සකුරාවි එක්ක යනගමන කොහොමද ?
සකුරාවී තාම පටන් ගත්ත විතරයිනේ. ගාල්ලට මම අලුත් නොවුනට ප්‍රඩක්ෂන් සකුරාවී ගාල්ලට අලුත්. මට කොහොමත් ගාල්ලේ මෙහෙම දෙයක් පටන්ගන්න ඕන කියන අදහස කාලයක් තිස්සෙ තිබ්බා. සකුරාවී මේ අවුරුද්දෙ ජනවාරි වල අපි පටන් ගත්තේ. සකුරාවී ඇතුලෙ දක්ශ පිරිසක් ඉන්නව. මේ වෙනකොට හොඳ වැඩ ටිකක් කරල තියෙනව අපි. හෙමින් හෙමින් යමු නේද ඉස්සරහට.
ඇයි ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ?
කොහොමත් මගේ ෆැමිලි එක බිස්නස් ෆැමිලි එකක්. මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස තිබුණා. හැබයි සකුරාවී පටන් ගන්න නෙමෙයි මුලින් හිතන් හිටියේ. පස්සේ හොඳ දක්ෂ කොල්ලෝ කෙල්ල පිරිසක් අපි එක්ක වැඩ කරද්දි අපිට වැඩක් කරගන්න ඕන වුණාම අපි හැම කෙනෙක්ම හැමදේටම කොළඹට දුවන් යනකොට ඒ හැම වැඩක්ම ගාල්ලෙන්ම කරගන්න පුළුවන් තැනක් හදමු කියන අදහස ආවේ ඊට පස්සේ.
කලාවට සම්බන්ධ වුණු ඔබ දැන් ව්‍යාපාරිකාවක් විදිහට වැඩ කරන එක කොහොමද දැනෙන්නේ?
මම වෘත්තීයමය නිවේදිකාවක් විදියට වැඩ කරනවා. ඊට අමතරව තමයි කලාව කළේ. මේ දෙකටම වඩා වෙනස් ව්‍යාපාරයක් කරන එක. ඇත්තටම කිව්වොත් වගකීම් ගොඩයි. කෙනෙක් යටතේ රස්සාවක් කරන නිදහස නැහැ ව්‍යාපාරයක් කරද්දී. මම තාම අලුත් කෙනෙක්. මම නිදහසේ වැඩ කරගෙන හිටපු කෙනෙක්නේ. ඉතින් ඒ වගකීම් වැඩ වැඩිකම ඔලුවට ආවම දැනෙන හැගීම දැන්නම් හොඳට දැනෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?
නිවේදිකාවක් විදියට වැඩ කරනගමන්, හොඳ නිර්මාණයවලටත් දායක වෙලා, "සකුරාවී" කියන නම බ්‍රෑන්ඩ් එකක් කරන එක තමයි මගේ හීනය.
සාකච්ඡා - කැළුම් දේවින්ද