මගේම කියලා ගීත තුනක් ලබන වසරේදී නිකුත් කරනවා
කාගෙත් ආදරය දිනූ ජනප්‍රිය කලා තරුවක් තමයි සැන්ඩෝ හැරිස් කියන්නේ. මේ වනවිට දිවි ගමනින් සමුගෙන ඇතත් ඔහු දායක වූ කලා නිර්මාණ තවමත් අපේ හිත්වල මතකයේ පවතිනවා. අද අපි කතා කරන්නේ ඒ ආදරණිය කලාකරුවාගේ පුත් අයාන් හැරිස් සමගය. අයාන් කියන්නේ සංගීත ක්ෂේත්රය තුළ අලුත් දෙයක් කරන්නට උත්සාහ කරන යොවුන් ගායන ශිල්පියෙක්.
අයාන් ගීත ගායනයට යොමු වුණේ කොහොමද?
තාත්තාගේ අභාෂය මට පොඩි කාලේ ඉඳලා තිබුණා. ඒ වගේම තමයි ඔහුත් එක්ක ඔහුගේ කලා නිර්මාණ බොහෝමයක මම වැඩ කළා. විශේෂයෙන්ම වේදිකා නාට්‍යයවල. මම කාලයක් රඟපෑවා. ඊට පස්සේ ඔහුගේම නිර්මාණවල සංගීත කටයුතු කළා. ඔය විදිහට තමයි මගේ කලා ගමන ආරම්භ වුණේ.
දැනට ගායකයෙක් විදිහට ඔබ කරපු නිර්මාණ තියෙනවා?
ගොඩක් වෙලාවට මම දායක වුණේ තාත්තාගේ නිර්මාණවලට. ඒ හින්දා මගේම නිර්මාණයකට යොමු වෙන්න බැරි වුණා. අනික් කාරණය තමයි මම වසර කිහිපයක් තිස්සේ දෝහා කටාර්වල ජිවත් වෙන්නේ. ළඟදීම ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා මම. ඒ ඇවිල්ලා මම ලියලා සංගීතවත් කළ මගේම හඬින් ගැයු ගීත තුනක් රසිකයින්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.
පළමු ගීතය කවදා වගේ අහන්න පුළුවන් වෙයිද?
ලබන වසරේ මුලදී. රාත්‍රියට මාත්‍රාව.. තමයි මුලින්ම නිකුත් කරන්න හිතාගෙන ඉන්න ගීතය. මේක මම රූප රචනාවක් සමග තමයි එළිදක්වන්න හිතාගෙන ඉන්නේ. ලොකු විශ්වාසයක් තියෙනවා මේක හොඳ ඩ්‍රේඩින් වෙන ගීතයක් වේවි කියලා.
නිර්මාණ කරද්දි විදෙස් ගත වෙලා හිටිය එක පාඩුවක්ද ඔබට?
නැහැ. දේහා කටාර්වල ඉඳිද්දි මම ගොඩක් වැඩ කළා සංගීතය පැත්තෙන්. ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ කලා වැඩවලට සහභාගි වුණා. ඊට අමතරව දෝහාවල තිබුණ සජිවි සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වුණා. දෝහාවල ඉන්න ලංකාවේ කලා ශිල්පින් එක්ක වැඩ කළා මම. ඉතින් මම හිතනවා විදෙස් ගත වෙලා හිටියට මගේ සංගීත පාඩුවක් වුණේ නැහැ කියලා.
බුද්ධික සේනාධීර