මගේ වැඩවලට කවුරුත් ඇඟිලි ගහන්නේ නැහැ - ධනංජය සිරිවර්ධන කියන කතාව
ධනංජය සිරිවර්ධන කියන්නේ වර්තමාන කලා ක්ෂේත්රයේ ඉන්න තරුණ රංගන ශිල්පීන් අතර කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රංගන ශිල්පියෙක්. දක්ෂතාව වගේම ජනප්‍රියත්වයත් ඔහුට නොඅඩුව ලැබෙනවා.
ධනංජය රංගන ශිල්පියෙක් වගේම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් ලෙසත් දැන් කටයුතු කරනවා.
කලා ක්ෂේත්රයේ දිදුලන තරුවක් වගේම ධනංජය කියන්නේ හොඳ සැමියෙක් සහ පියෙක්. ඔහුගේ බිරිඳ ශෂිනි සිරිවර්ධන. ඔහුගේ දියණිය මෞර්යා. ධනංජය ඔහුගේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන පසුගිය දවසක කලා පුවත්පතකට මෙසේ සඳහන් කරලා තිබුනා.
"මගේ රංගන ජීවිතය හා පවුල් ජිවිතය කියන්නේ දෙකක්. ඒ දෙක පටලාගෙන මම ජිවිතේ ගෙවන්නේ නැහැ. මගේ බිරිඳ මට හොඳ සහයෝගයක් දෙනවා. හැබැයි ඉතින් කියන්න බෑ මගේ දුවගෙන් කොහොම ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා. මගේ වැඩ කටයුතුවලට මට ගෙදරින් කිසිම බලපෑමක් නෑ. ඇඟිලි ගැසීමක් නෑ. ඒවා රංගන ජීවිතේට පමණයි. මගේ වැඩකටයුතු සියල්ල මම මේ ආකාරයෙන් කරගෙන යනවා."