මගෙ බිරිඳ හරිම ලස්සනයි කියලා කටපුරා කියන්න සෑම පිරිමියෙක්ම හරිම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂි අංජුලමාලා.. රංගන ක්ෂේත්‍රයේ ඉන්න බොහොම ලස්සන සුන්දර දක්ෂ යුවතියක්. නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ඉතාම ටික කාලයකදි දිගු ගමනක් පැමිණි ඇය ප්‍රේක්ෂක ඔබේ ආදරයට නොඅඩුව පාත්‍ර වන රංගන ශිල්පිනියක්. මේ දිනවල ටීවී දෙරණ රාත්‍රී 9:30 කණිසමට විකාශය වන රාජිනි  ටෙලි  වෘතාන්තයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය  සමග මෙවර ෆැෂන්   වෙනස්ම ආකාරයට හැඩවේ.

විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා?

ඔව්.ඔව් .. හැමෝම ඒ කතාව නම් කියනවා.

විලාසිතා කියන විෂය ඔබ දකින්නේ කොහොමද?

පොදුවේ මට  හිතෙන්නේ නම් විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ,අපිට ම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගත හැකි, අපව ලස්සන කරන හරිම අපූරු දෙයක් විදිහට. හැබැයි මොන විදිහට විලාසිතා කළත් ඒ සියල්ල තෝරා බේරා ගෙන කළ යුතුයි කියා මා විශ්වාස කරනවා . 

පෞද්ගලිකව විලාසිතාවක් කිරීමේදී ඔබ  මොන වගේ කරුණු කෙරෙහිද සැලකිලිමත් වෙන්නේ ?

පුංචි කාලෙ  ඉඳලම හරිම ලස්සනට අඳින්න කැමති කෙනෙක් මම. මගේ ලස්සන ඉස්මතු වෙලා පෙන්වන මට ගැළපෙන ඕනෑම විලාසිතාවක් කරන්න මම කැමතියි. සහභාගි වෙන තැන අනුව තෝරා බේරා ගෙන විලාසිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට අමතරව මගේ ඇඟේ හැඩය ,මගේ හමේ පාට, වගේ  දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා.

ඔබ කරන විලාසිතාවන්ට ගැලපීම සිද්ධ කරන්නේ කොහොමද ?

කරන විලාසිතාවේ විදිහට කොණ්ඩය වෙනස් කර ගන්න එක  කරනවා. ඊට අමතරව මේකප් එක ,ආභරණ, සපත්තු, හැන්ඞ් බැග්, ගැලපීම සිදු කර ගන්නවා ...හෙයර් බැන්ඩ් පළදින්නත් කැමති කෙනෙක් මම .

කෙනෙක් ඔබ කරන විලාසිතා දකින්නේ  කරන්නේ කොහොම ද ?

මාව දකින හැමෝම කියන්නේ ලස්සනට චාම්ව විලාසිතා කරනවා කියලා..ඒ වචන ටික නිතරම අහනවා .

ජීවිතේ ලස්සනටම සැරසුණු දවස ?

මගේ ජීවිතයේ මම ගොඩක් හීන මැව්ව ලස්සනම දවස තමයි මනාලියක් වෙන දවස .ඒ සිහිනය සැබෑ වුණු දවසේ මම සුරංගනාවියක් වගේ මට ඕනම විදිහට හරිම ලස්සනට සැරසුනා.  ඒ දිනය අදටත් අලු‍ත් වන මතකයක් හිතට.

 

විවාහයෙන් පසුවත් ලස්සනට විලාසිතා කළ යුතුයි කියලා ඔබ හිතනවද ?

ඔව් .මම හිතනවා යුවතියක් විවාහයෙන් පස්සේ එයා හිටියටත් වඩා ලස්සනට ඉන්න ඕනේ කියලා. මගෙ බිරිඳ හරිම ලස්සනයි කියලා කටපුරා කියන්න සෑම පිරිමියෙක්ම හරිම කැමතියි. ඇත්තටම අදටත් මම කරන සෑම විලාසිතාවකට ම වාගේ මගේ සැමියා ගොඩක් කැමතියි. ඔහු ඒවට උනන්දු කරනවා. ඒ හැම දේමත් එක්ක මම හිතනවා මම ගොඩක් වාසනාවන්ත බිරිඳක් කියලා ..පවුලක යුතුකම් වගකීම් කරන ගමන්ම බිරිඳකගේ ලස්සන රැකගන්නත් ඇය උත්සාහ ගත යුතුයි .

විලාසිතාවක් කිරීමේ දී මිළ ගැන සැලකිලිමත් වන කෙනෙක් ද ඔබ ?

නැහැ .ඇත්තටම මුදලේ වටිනාකම්න්  විලාසිතාවක ලස්සන අගය කරන්න බැහැ.මගේ ලස්සන ඉස්මතු වෙනවා නම් මිල අඩු විලාසිතාවක් වුණත් මං ඕන වෙලාවක තෝරා ගන්නවා...

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවාද ?

ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල මම කැමතිම නිරූපිකාවන්, රංගන ශිල්පීන් ඉන්නවා .ඒ අය කරන විලාසිතා ගැනත් මං බොහොම ආසාවෙන් බලනවා .ලෝකෙ  වෙනස් වෙන විලාසිතා ගැන ත් මම බොහෝ ම  අවදියෙන් ඉන්න කෙනෙක්. නමුත් මම විලාසිතාවක් තෝරා ගන්නේ මගේ අනන්‍යතාවයට ගැලපෙන විදිහට..කවදාවත් කවුරුත් කරන විලාසිතා  ඒ විදියටම කරන්නේ නැහැ.

ඔබ කරන විලාසිතා අන් අය අනුකරණය කරනවාද?

ඔව්. රූපවාහිනි දර්ශනවලදී වාගේම , සාමාන්‍ය ජීවිතයේදීත් මම කරන විලාසිතා  ගොඩක්   තරුණ යුවතිය  අනුකරණය කරනවා.. ගොඩක් අය හරිම ආසයි මම අඳින විදිහට. මගේ කොණ්ඩෙ සකස් කරලා තියෙන විදිහට. මම ආභරණ  පළඳින විදිහට. ගොඩක් අය ඒ දෙවල් ගැන  ආසාවෙන්  අහනවා.සමහර අය පින්තූරත්  අරං එවන වෙලාවලු‍ත් තියෙනවා...මම විලාසිතා කරන්න ඇඳුම් ගන්නෙ කොහෙන්ද කියලා නිතරම ප්‍රශ්න අහලා එවනවා ..

ගැලපෙන විදිහට විලාසිතාවක් කරහම මොන වගේ හැඟීමක් ද හිතට දැනෙන්නේ ?

තමන්ට තමන්ම ලස්සන කරලා පෙන්වන හරිම සුන්දර දෙයක් විදියටයි මම විලාසිතා දකින්නේ.. ඒ නිසාම මම ගෙදරට හිටියත් ඉන්නේ ලස්සනට පිළිවෙලට ඇඳගෙන..ඇත්තටම ගැලපෙන විදිහට විලාසිතා  කලහම ලොකු සතුටක් වගේම හිතට පුංචි ආත්මාභිබිමානයකුත් දැනෙනවා ..

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිහ කොහොමද මතකයේ තියෙන්නේ ?

පුංචි අවදියෙ විලාසිතා කරපු විදිය ගැන බොහොම සුන්දර මතක බොහොමයක් තියෙනවා ..ඉස්සර ඉඳලාම අම්මට උවමනාව තිබිලා තියෙන්නේ යන ඕනෑම තැනක ඉන්න සුවිශේෂී සුවිශේෂීම විදිහට විලාසිතා කර ගෙන ඉන්න  දරුවෝ දෙන්න අක්කා යි,මාවයි කරන්න . ඒ නිසාම එයා හරිම ලස්සනට ගැලපෙන විදිහට පුංචි කාලේ ඉඳලම අපිට ඇන්දුවා ...අදටත් මගේ අම්මා හරිම ලස්සනට පිළිවෙලට විලාසිතා කරන කෙනෙක්..වයසෙන් ලොකු වෙනකොට ,අම්මයි, මායි, අක්කයි එකම විදිහට විලාසිතා කරන්න පුරුදු වුණා .එහෙම විලාසිතා කරන කොට ඒක හරිම ආදරණීය , ආත්මීය බැඳීමක් විදිහට දැනෙනවා ..

විලාසිතා කරන්න වයස බලපානවාද ?

කාන්තාවක් කියන්නේ  හරිම සුන්දර කෙනෙක්. කාන්තාව කියන නම ඇතුළෙම ලස්සන කියන වචනය හැංගිලා තියෙනවා ..ඇගේ ලස්සන වඩාත් ඉස්මතු වෙන්න  විලාසිතා කියන දේ අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි .ඒ නිසා මම හිතනවා කොයි වයසක කෙනෙක් වුණත්   ගැළපෙන විදියට විලාසිතා කරන එක වරදක් නැහැ කියලා.

අසුන්තා එදිරිසූරිය