මගේ ජීවිතයේ මට හමු වූ ගොඩාක් ටොපියලා ඉන්නවා
මකරෙක් ඇවිත්, නාට්‍ය නැවත නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්නේ මගේ මුල් ගුරුතුමා වන සමන් පුෂ්පකුමාර සර් එක්ක. ඒ සර් නිසා කලා ක්ෂේත්රයට බිහි වූ පිරිස බොහෝමයි. මේක හරි අපූරු ළමා නාට්‍යයක්. ළමයි එක්ක වැඩිහිටියන්ට එකට නරඹන්න පුළුවන්, රසවිඳින්න පුළුවන් නිර්මාණයක්. මේ 24 වෙනිදා සවස 3.30 ට සහ 6.30ට මකරෙක් ඇවිත්, බලන්න කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවට එන්න කියලා මම ආරාධනා කරනවා. මෙහෙම කියන්නේ කවුද කියලා දන්නවනේ? මෙහෙම කියන්නේ ටොපියා. ටොපියා ටිකක් එක විදියක විශ්වාස කරන්න බැරි අමාරුකාරයෙක් බව දන්නවනේ? මේ ‘ටොපියා’ අපට හමුවන්නේ මැස්සා ටෙලි මාලාවේ චරිතයක් ලෙසයි. ටොපිය ලෙස හරි අපූරු රංගනයක නිරත වන ඔහු සැබැ ලෙස දැක ගන්න 24 වෙනිදාට මකරෙක් සමග බලන්න. එල්ෆින්ස්ටන් එකට එන්න කියන ඇරයුම එක්ක මේ රංග ශිල්පියා එක්ක අපි ටිකක් කතා කරමු.
පුජන කියන්නද? දන්දෙණිය කියන්නද? ටොපිය කියන්නද?
ඔය නම් තුනටම කැමතියි. හැබැයි ප්‍රවීණ කියලා නම් දාන්න එපා.
ඒ කියන්නේ ප්‍රවීණ කියලා හඳුන්වනවිට කැමති නැද්ද?
මගේ නම පූජන. ඉතින් පූජන (Poojana) ප්‍රවීණ වුනොත් අවුල්නේ නේද? පූජන කියලා විතරක් හරියට දාන්න.
ප්‍රවීණ රංග ශිල්පී පූජන කියලා හඳුන්වනවිට කැමති නැද්ද?
මම කැමති මට පූජන කියලා කියනවට.ප්‍රවීණ කෙසේ වෙතත් මම නම් ආසා ‘නවීන’ වෙන්න.
හරි අපි මැස්සෝ, ටොපිය ගැන කතා කරමු? ටොපිය නිසා මිනිස්සු බලන්නේ මොන විදියට ද?
මම කලින් කළ චරිත එක්ක බලද්දි, මට අනුකම්පා කරන්න, ආදරය කරන්න වගේම කළම්ඹු නිසා වීරයෙක් විදියටත් බලන්න පටන් ගත්තා. අද මා දිහා බලන්නේ සහ මිනිසුන්ගෙන් එන්නේ පජාතයි. පීචං ඒ විදියේ වචන එක්කල සාමාන්‍ය සමාජයේ අය ටොපියට කැමති නැහැ. සමාජයේ ඉන්න ටොපියලා වගේ අයත් මා දිහා බලන්නේ අවුල් විදියට. නළුවා හරි චරිතේ හරි කියන්නේ සමාජය දකින කැඩපතක්. සමාජයේ තියෙන චරිතයක්ම තමයි නිරුපණය කරන්නේ. කොහොමහරි ටොපිය නිසා ටොපියන්ට පවා මාව පෙනෙන්නට බැරි තත්වයක් තියෙන්නේ. ඒක මරු.
ඒක මරු, වුණාට මේ චරිතය නිසා නිතරම ටොෆි කන්න වෙනවා. ඒක නම් මරු දෙයක් නොවෙයි නේද?
ඔව් ඒක ඇත්ත. ටොෆි නිතරම කන්න තියෙන නිසා මම කියලා තියෙන්නේ, සියඹලා, ටොෆි තියන්න කියලයි. ලංකාවේ තියෙන වෙන ටොෆි වර්ගවලට මම එච්චර කැමති නැහැ. කොහොම වුණත් චරිතයක දී නළුවකුට තමා කළ යුතු දේ එක්ක තමාගේ සිරුරට ඩැමේජ් වෙනවා. මම එහෙම වෙන්න කැමතියි. හැබැයි මම ආස විදියට.
ඒත් ඒ ඩැමේජ් වන එකට වඩා මිනිස්සු දකින්නේ ඒ චරිතනේ? ඒ විදියට රංගනයේදී කළ යුතු කැප කිරීම් ගැන දකින්නේ කොහොම ද?
නළු - නිළියන් චරිත වෙනුවෙන් කරන කැප කිරීම්වල දී සිදුවන ඩැමේජ් එක මිනිසුන්ට අදාල නැහැ. මිනිස්සු ඉන්නේ නිර්මාණය රස විඳින්න. ඒ හැර නළු නිළියන් ගැන අවධානය යොමු වන රටක් නම්, ඒ වෙනුවෙන් කර්මාන්තයක් තිබීම වැදගත්. එතකොට ඉන්ෂුවරන්ස් හරි ලබා දෙනවනේ. එතකොට ආට්ස්ට්ලාව රකින්නට ඕන ඒ කර්මාන්තය වෙතින්.
‘ටොපියා’ ගැන කතා කළොත්, පූජන (Poojana) ට ටොපියා ගැන හිතෙන්නේ කොහොම ද?
‘ටොපියා’ ව මට දැනෙන විදිය තමයි මම ඇක්ට් කරන්නෙ මගේ ජීවිතයේ මට හමු වූ ගොඩාක් ටොපියලා ඉන්නවා.
ඒ විදියට ජීවිතේ මෙතෙක් හමු වූ ටොපියලා එක්ක තරහා වෙලා තියෙනවද මොකටද?
මොනවා වෙනුවෙන්ද තරහා වෙන්නේ? තරහා වෙලා ඇති වැඩේ මොකක්ද? කා එක්කවත් මට තරහක් නැහැ, මට තියෙනවා තරහක් මම ගැන.
ඇයි පූජනට, තමුන් ගැන තරහා?
මම තවම සමාජයට මොකුත් කරලා නැහැ. ඒ නිසයි.
මේ රටේ දේශපාලන චරිත දිහා බලන්නෙත් ටොපියලා විදියට ද? තරහින්ද බලන්නේ ?
නෑ... නෑ.. දේශපාලන චරිත මම කවදාවත් විහිළුවට ගත්තේ නැහැ. එයාලා තමයි මේ රටේ නායකයො. ටොපියට වඩා එයාලා සීරියස්. මම නියෝජනය කරන්නේ රඟපෑමේ අංශය හෝ, චැනල් එකක් වෙන්න පුළුවන්. දේශපාලන නායකයෝ නියෝජනය කරන්නේ මුළු ලෝකෙටම.
ඒ නිසා රෙස්පෙක්ට් කරනවද?
නැහැ මම මේ කතා කරන්නේ රෙස්පෙක්ට් එකක් ගැන නෙවෙයි, අද මේ රට මේවන විට පත්ව තිබෙන තැන ඔබත් - මාත් රෙස්පෙක්ට් එකක් නැහැ. අපි කරන්නේ ආර්ට් එකක්. ඊට වඩා එයාලා සීරියස් වෙන්න ඕනැ.. මොකද එයාල වග කියන්නේ ඇත්ත සමාජයට. රඟපෑම් වෙනස්. දේශපාලනයේ දී රඟපෑම් අවශ්‍ය නැහැ.
මැස්සා නාට්‍යයේ සෙසු චරිතවල දී ඔබගේ චරිතය හැර ඔබ වඩා කැමති?
මැස්සා නාට්‍යය ගත්තොත්, ඒක ඇතුළේ සරත් කොතලාවල අයියගේ ඉඳන්, මා දක්වා, දස්සලා, චතුරලා, ජෙනාලා, මේ ඔක්කොම මේ මහපොළවේ හැප්පෙමින් ආපු මිනිස්සු ටිකක්. ඒක ඇතුළේ මට ආසම කියලා දෙයක් නැහැ. අපේම පිරිසක් වැඩ කරන අපේම වැඩක් විදියට මැස්සා මට දැනෙන්නේ. ඉන්දික ධර්මතිලක, ජනක සම්පත් තඹරවිල, කෞෂල්‍ය පතිරණ, මේ තුන්දෙනාගේ සංයුතිය ඇතුළේ එයාලා හදලා තියෙන හැම චරිතයකටම මම ආසයි.
පූජන දන්දෙනියගෙන්, පූජන කවුද කියලා ඇහුවොත්?
ඇත්තටම මම ජූජන දන්දෙනිය. මම කවුද කියලා මටම කියන්න ගියොත්, මාත් මේ රටේ දේශපාලකයකු ගාණට වැටෙනවා.
ලෝකයේ ඉන්න අනෙක් සෑම මිනිසකු වගේම ඔක්සිජන් ආශ්වාස, ප්‍රශ්වාස කරන සත්ත්වයෙක්. ඊට එහා මගේ විශේෂත්වයක් මට කතා කරන්න බැහැ.
ඔබ වඩා කැමති මොන වගේ මාතෘකා ගැන කතා කරනවට ද?
මම කරන්නේ නාට්‍යයනේ. ඉතින් නාට්‍ය ගැන කතා කරන්න ආසයි. ඒ සම්බන්ධ වූ දේ ගැන කතා කරන්න ආසයි. ඒ ඒ අවස්ථාව ඒ මූඩ් එකට සෙට් වෙන විදිය එක්ක කතා කරන්න කැමතියි.
මැස්සා දෙස ආයෙත් හැරෙමු?
මැස්සගේ යාළුවෝ සෙට් එක පොකැට්වලට විඳින අය? සැබැ ජීවිතයේ දී කවදා හරි දවසක ඔබගේ පොකැට් එකටත් විදලා තියෙනවාද? සැබෑ පොකැට් කරුවන් නැහැ, ඒ වගේ අවස්ථා, නැහැ. මගේ බඩු එහෙම නම් නැති වූ අවස්ථා තියෙනවා.
ඔබට ඉස්සෙල්ලාම කොළඹ ආ දවස මතක ද? එදා මොනව ද හිතුණේ ?
මුලින්ම මම කොළඹ ආවේ මගේ තාත්තා එක්ක. තාත්තා ව්‍යාපාරිකයෙක්. එයාගේ කඩේට අවශ්‍ය බඩු ටික ගන්න තාත්තා කොළඹ ආවා. එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. එදා ඉදලා තාත්තා එක්ක කොළඹ ඒමේ පුරුද්ද මට තිබුණා. අදට වඩා ඉස්සර ඉන්ටර්සිටි බස් තිබුණනේ. දැන් නේ ඉන්ටර්සිටි නැත්තේ. එතකොට මට අගක් මුලක් තේරුණේ නැහැ. කොළඹ යනවා කියන්නේ හරියට රට යනවා වගේ සීන් එකක්. කොහොමටත් පුරුද්දක් විදියට තාත්තා අපේ මුළු පවුලම රට වටේ සවාරි එක්ක ගියා. ඒ අත්දැකීම් තිබුණා. පොඩි කාලයේ දී ඒ අත්දැකීම් මට ගෙන දුන්නේ හරියට වෙන කෙෙනකුට ගියා වගෙයි. ඉන් පසුව දැනෙන වයසෙ දී කියා කොළඹ අවේ 2011 දී. තරුණ සේවා සභාවේ හදාරන්න. එදා ඉඳලා අද දක්වා මේ වැඩ එක්ක කොළඹ එහේ මෙහේ යනවා. ඒත් අද මට දැනෙන විදියට කොළඹයි ගමයි කියලා වෙනසක් නැහැ. කොළඹ ගොඩාක් ලොකු බිල්ඩින් සහ වෛවාරණ – විචිත්‍ර දේ තියෙනවා. සල්ලි වියදම් කරන්න. ඒ ස්වභාවය ඇතුළේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරනවා. ඒක හරියට ගඟක ඉන්න එක එක විදියේ එහි එක එක පාට මාළුවෝ වගේ. හැඩය පැහැය වෙනස් වුණත් අපි ඔක්කොම මාළුවෝ වගේ. අපි ඔක්කොම එකයි.
පූජන කොහොමද ඔයාට ගැහැණු ළමයින්ගෙන් තියෙන ආකර්ශනය?
නළුවන්ට විතරක් නොවෙයි අපි හැමෝම ආසා කරන දේ සහ ආස කරන විදි තියෙනවා. ඒ ඔක්කොම අපට තියෙනව නම් මරු. ඒත් මේ රටේ එහෙම සිස්ටම් එකක් නැහැනේ.
හරි කෙළින්ම අපට කියන්නකෝ පූජනගේ ප්‍රේමය, පූජනීය වගේ එකක්ද? කෙහොමද ඒ ප්‍රේමය ගලා යන්නේ.
‘පූජනීය’ ප්‍රේමය මොකක්ද කියලා මම දන්නේ නැහැ. ප්‍රේමය කියන්නේ මොකක්ද කියලත් මම දන්නේ නැහැ. මොකද මට දැනෙන විදිය සහ අනෙකාට දැනෙන විදිය මම දන්නෙත් නැහැනේ. ඒත් ඒකට අපි තවත් වචන දමා හැඩ කරනවා. ආදරය, ප්‍රේමය, විවාහය, ලිංගිකත්වය වගේ වචන එක්ක. මේ වෙලාවේ යාළුවන්ගේ හරි, ප්‍රෙක්ෂකයන්ගෙන් හරි, මා වටා සිටින අයගෙන් හරි මට ලැබෙන ප්‍රේමය ගැන මම තෘප්තිමත්.
සඳුන් ගමගේ