මගේ ක්‍රෂ් එක තමයි දකුණු ඉන්දීය නළු ධනුෂ්
ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු තාර්යා කෙනඩි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් නව පරපුරෙ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන 'හිරි පොද වැස්ස' ටෙලි නාට්‍යයේද දකින තාර්යා ඉදිරි කාලයේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකිය. මේ නිසාම තාර්යාට අප සාරවිට තුළින් මෙවර මෙසේ ඉඩක් වෙන් කළා.
තාර්යා කියන්නේ මොන වගේ කෙනෙක්ද..
තාර්යා කියන්නේ අනිත් අයත් එක්ක සුහදව වැඩ කරන්න පුළුවන් සරළ ගති පැවතුම් ඇති අහිසංක කෙනෙක්. හැබැයි ඉතින් මුහුණෙන් නම් මගේ පෙන්නේ ටිකක් විතර දඟ වැඩ කරන කෙනෙක්ගේ පෙනුමක්. එහෙම නැහැ මම ඉතින්. හරිම අහිංසක චාම් කෙනෙක්.
කාලවට තාර්යා සම්බන්ධ නොවුණා නම්...
බොහෝ විට පිටරට පදිංචියට යයි මම. ඒ වගේම මනෝ වෛද්‍යවරියක් ලෙස හෝ ඒ ක්ෂේත්රයට සම්බන්ධ රැකියාවකම මම නිරත වෙයි. තෙරේන කාලේ ඉඳලාම මගේ හීනයක් වෙලා තිබුණ දෙයක් තමා ඒක.
පාසල් කාලේ තාර්යා මොනවටද දක්ෂ..
පාසල් කාලේ මම ලොකුවට කැපි පෙනුණ චරිතයක් නෙමෙයි. ගොඩක් වෙලාවට හැංගිලා හිටිය කෙනෙක් කිව්වොත් හරි. මුලිකත්වය දීලා තිබුණේ අධ්‍යාපනයට විතරමයි. අනිත් බාහිර ක්‍රියාකාරකම්වලට මම සම්බන්ධ වුණේ නැහැ පාසල් යන කාලේ.
ගොඩක් අය කියනවා නේද තාර්යාගේ ඇස් දෙක ලස්සනයි කියලා..
ඒක නම් ඇත්ත. හැමෝම වගේ කියන්නේ මගේ ඇස් දෙක ලස්සනයි කියලා. මගේ අම්මා නම් කියන්නේ මගේ මුණ නම් ගොඩක් ලස්සනයි කියලා. මටත් හිතෙනවා හැමෝම අකාර්ශණය වෙන මුණක් මට තියෙනවා කියලා.
විලාසිතාවලට තාර්යාගේ තියෙන කැමැත්ත කොහොමද...
විලාසිතාවලට කවුද අකමැති. මමත් කැමතියි. විශේෂයෙන්ම ඇඳුම් තමා මම විලාසිතාවක් විදිහට කරන්නේ. හැබැයි මම ගොඩක් කොටට අඳින්න කැමති නැහැ. ඇඟ වැහෙන්න දිග ඇඳුම් තමා මට ගැළපෙන්නේ. තැනට උචිත විදිහට ඉතින් මම ඇඳුම් අඳිනවා.
තාර්යා දැනට පාවිච්චි කරන්නේ මොන වර්ගයේ දුරකතනයකද..
ඇපල් 15 ෆ්රෝ එකක්. ඒක අරගෙන දැන් මාස තුනක් විතර වෙනවා. අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වුණාම මගේ ලොකු මාම රට ඉදන් එව්වා සැම්සුන් ග්ලැක්සි පෝන් එකක්. ඒක තමයි මම මුලින්ම පාවිච්චි කරපු පෝන් එක. දැනට නම් ගණන් කරන්න බැරි තරම් පෝන් ප්‍රමාණයක් මම පාවිච්චි කරලා තියෙනවා.
හිත ගිය සිහින තරුවක් එහෙම තාර්යාට ඉන්නවද..
එහෙම තරු නම් කිහිපයක් ඉන්නවා. ඒත්, කෙනෙක් තෝරගන්නවා නම් දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් තමා මගේ හිත ගිය සිහින තරුව වෙන්නේ. ධනුෂ්ට මම ගොඩක්ම කැමති එයාගේ තියෙන කඩවසම් පෙනුමට. අනික නළුවෙක් විදිහට ලොකු දියුණුවක් ලබපු කෙනෙක් තමයි ධනුෂ් කියන්නේ.
තාර්යා අන්තිමට බලමු චිත්‍රපටය මතකද..
ඔව්, %හායි නානි^ තෙළිඟු චිත්‍රපටය. මම බලපු හැඟුම්බර චිත්‍රපටයක් ඒක. මම කිහිප වතාවක් බැලුවා ඒ චිත්‍රපටය. නානි වගේම මෘනාල් ඨාකුර් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඒ දෙන්නාගේ දුව විදිහට රඟපාන පොඩි ගැහැණු ළමයාගේ රංගනය ඇත්තටම මගේ සිත්ගත්තා. ඒ තරම් හොඳට ඇය තාත්විකව මෙහි රඟපානවා.
තාර්යාට ගොඩක් වෙලාවට අවධානය ලැබෙන්නේ..
තරුණයන්ගෙන්. හැබැයි ඒ සමානව අවධානයක් මට තරුණියන්ගෙනුත් ලැබෙනවා.
දැන් තාර්යා කියන්නේ පෙම්වතියක්ද..
තාම නැහැ. මගේ හිතට මගේ අදහස්වලට ගැළපුණ කෙනෙක් තාම මට මුණ ගැහිලා නැහැ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මට ගැළපෙන හරිම කෙනා මුණ ගැහෙයි කියලා. මම ගොඩක් කැමතියි මට ගොඩක් අවංකව ආදරය කරන කෙනෙක්ට. ඒ වගේම පිට රටක ජිවත් වෙන ලංකාවේ කෙනෙක් නම් ගොඩක් හොඳයි. හැබැයි එයා බුද්ධිමත් අවංක කෙනෙක් වෙන්නත් ඕනා.
බුද්ධික සේනාධීර