මගේ උපන්දින දවසට අලුත් ගීතයක් එළිදක්වනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'නෙතු සලනා' ගීතය හරහා ගයමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි කැළුම් ප්‍රියදර්ශන මේ වනවිට ඔබ දන්නා හඳුනන තරුණ ගායන ශිල්පියෙකු බවට පත්ව සිටියි. දැනට තමන්ගේම ගීත කිහිපයක් නිර්මාණය කොට එළිදක්වා ඇති කැළුම් නුදුරේම තවත් අලුත් ගී නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට සූදානමින් සිටියි. සාරවිට අප සමග කැළුම් කියූ කතාවයි මේ.

කැළුම්ට මතකද එළිදක්වපු පළමු ගීතය?

ඔව්, මට මතකයි මම මුලින්ම එළිදක්වපු ගීතය. ඒ තමයි %නෙතු සලනා^ කියන ගීතය. මේ ගීතය පද රචනා කළේ සචිත් මල්ලි. සංගීතවත් කළේ අනුෂ්ක අයියා. පොඩි කාලේ ඉඳලාම මට හීනයක් තිබුණා කවදාහරි ගායකයෙක් වෙනවා කියලා. ඉතින් හැම වෙලාවේම මම උත්සාහ කළා මගේම ගීතයක් එළිදක්වන්න. එය අදහස පෙරදැරි කරගෙන තමයි %නෙතු සලනා^ ගීතය නිර්මාණය වුණේ.

%නෙතු සලනා^ ගීතයෙන් පස්සේ?

මගේ පළමු ගීතයෙන් පස්සේ මම කවර් සෝන්ග් ගීත තුනක් කළා. %සේපාලිකා මලයි^, %දැන දැනත් දුර ගියා^ හා %විජිතයේ ආදරයේ^ කියන ගීත තමයි මම කවර් සෝන්ග් විදිහට එළිදැක්වූයේ.

ඔබ කරපු ගීත අතර සුවීශේෂි ගීතයකුත් තියෙනවා?

ඇත්තටම ඒ අවස්ථා මම සළකන්නේ මගේ ගායන දිවියේ මට ලැබුණ වටිනාම අවස්ථාව විදිහටයි. මොකද, මේ ගීතය නිර්මාණය කිරීමත් එක්ක මට මගෙ ගායන දිවියේ ලොකු තැනකට එන්න පුළුවන්කම ලැබුණා. ඊටත් වඩා මම මේ අවස්ථාවට කැමති මේක සුවිශේෂි පුද්ගලයෙකු විසින් මට ලබාදුන්න අවස්ථාවක් නිසා. ඒ තමයි ලංකාවේ බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග අයියා විසින් මේ ගීතය පද රචනා කරපු නිසා. ඇත්තටම මේක මගේ ලොකුම හීනයක්. මම ගීත ගායනයට අමතරව වඩාත්ම කැමති ක්‍රිකට් ක්‍රීඩාවට. පාසල් යන කාලේ ඉඳලා මම ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. කාලයක් මම යුදහමුදා ක්‍රිකට් කණ්ඩායමේ පවා ක්‍රීඩා කළා. නමුත්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොකු ගමනක් මට එන්නට නොහැකි වුණා. ඊට හේතුව අපේ ඊට සරිලන පහසුකම් නොමැති වුණ හින්දා. මම ක්‍රිකට් ක්‍රීඩාව අත්හැරලා පස්සේ දිගටම ගායන හා සංගීත කටයුතුවල නිරත වුණා. නමුත් අදටත් ක්‍රිකට් ක්‍රීඩාව මගෙ ජීවිතේ කොටසක් ගායනය වගේම. ලසිත් අයියා මට ලියලා දුන්න ගීතය නිකුත් වෙන්නේ ලබන වසරේ මුල් භාගයේදී. ඒ %රටා මවන ඇය^ නමින්.

පාසල් කාලේ මතකද කැළුම්ට?

පාසල් යන කාලයේ නම් මම ගීත ගායනයට යොමුවුණේ නෑ. මොකද, ගීත ගායනයට වඩා මගේ හිත තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. හැබැයි පාසල් යන කාලේ මට ගීත ගායන හැකියාව තිබුණා. නමුත්, මගේ ඔළුවේ තිබුණේ ක්‍රිකට්. කවදාහරි ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මම සැළසුම් කරලා තිබුණේ. හැබැයි ක්‍රිකට් ක්‍රීඩා කරන ගමන්ම මම පාසල් කාලයේ විෂයක් විදිහට සංගීතය හැදැරූවා. ඒ කාලේ මට ගොඩක්ම උදව් කළේ ප්‍රියාන් කියන සංගීත ගුරුතුමා.

ගීත ගයන්න විතර ද කැළුම්ට හැකියාව තියෙන්නේ?

නැහැ. ගීත ගායනා කරනවට අමතරව මම ගීත පද රචනත් කරනවා. දැනට මා විසින් ලියපු ගීත කිහිපයක්ම තියෙනවා ඉදිරියේදී මගේම නිර්මාණවලට ගන්න. ඊට අමතරව ගිටාර් වාදන හැකියාවත් මට තියෙනවා.

අලුත් නිර්මාණයක් ඔබේ ළඟදී නිකුත් වෙනවද?

ඔව්, මෑතකදී මම ගී නිර්මාණ කිහිපයක්ම කළා.  ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා සහ ශෂිකා නිසංසලා මහත්මිය ගායනා කරන %මේ අහස පුරා^ ගීතයට කවර් සෝන්ග් එකක් කළා පුෂ්පා කියන සොහොයුරියත් සමග එකතු වෙලා.  ඒ ගීතය දෙසැම්බර් 16 මගේ උපන් දින දවසේ මගෙ පද රචනා කළ %රටා මවන ඇය^ ගීතයේ වැඩත් මේ වනවිට අවසන් කරලා තියෙනවා. ඊට අමතරව තවත් කවර් සෝන්ග් දෙකක් හා මගේම ගී නිර්මාණ කිහිපයක් ලබන වසරේදී නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා.

ගායකයෙක් විදිහට ආපු ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?

ගායන ක්ෂේත්‍රය තුළ නම් මම ආවෙ මල් පාරක නෙමෙයි. හැමෝටම වගේ මටක් ගල් බොරුළු තිබුණ කටුක පාරක තමයි එන්න වුණේ. හැබැයි ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේ දුෂ්කරතා මැද ආපු ගමන කවදා හරි මම සාර්ථක එකක් කරගන්නවා කියලා. අද වෙන කොට ඒ සාර්ථක ගමනේ මා පියවර කිහිපයක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා. කවදා හරි මුළු ලංකාවම දන්න ගායකයෙක් වෙනවා කියන ඉලක්කයේ මම ඉන්නවා.

තරුණ ගායකයෝ ගොඩක් වෙලාවට එකට රාමුවකට කොටු වෙනවා?

ඇත්තටම මම කැමති නෑ එකම රාමුවකට කොටුවෙන්න. මට ලැබෙන පද රචනා තෝරගෙන සමාජයට ආදර්ශයක් වන කාලයක් පවතින් නිර්මාණ කරන්න තමයි මගෙ බලාපොරොත්තුව ඒ මිස ජනප්‍රිය වීමම නෙවෙයි මගෙ බලාපොරොත්තුව. තව මගේ තියෙන ලොකුම ආසාවක් තමයි පියගුණ ගීතයක් කවදා හරි නිර්මාණය කරන එක. අනිවාර්යයෙන්ම එවැනි ගීතයක් මා අතින් ඉදිරියේදී නිකුත් වෙයි.

තරුණ පිරිස් අද විශාල වශයෙන් මේ ක්ෂේත්‍රයට එනවා නේද?

ඔව්, තරුණ පිරිස් විශාල වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. මම හිතන්නේ තරුණ පිරිස අතර මේ ක්ෂේත්‍රය තුළ තරගකාරීත්වය තිබිය යුතුයි. එතකොට තමයි නිර්මාණ අතරින් හොඳ නිර්මාණ බිහිවෙන්නේ. නමුත්, එකම රැල්ලට ගීත ගායනා කරන පිරිස් මේ අතර ඉන්නවා කියලා මා දකිනවා. අපි නිතරම හිතන්න ඕනා සමාජයට යමක් දෙන්න පුළුවන් කිර්මාණ කරන එක.

දිගටම මේ ක්ෂේත්‍රය ගැන ඔබට හිතෙන්නේ?

මේ ක්ෂේත්‍රයට එන්න වාසනාව වගේම හැකියාව සහ මුදල් කියන කාරණා බලපානවා. මම විශ්වාස කරන විදිහට වාසනාව හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මුදල් වලින් නිර්මාණ ජනප්‍රිය කරගන්න පුළුවන්. හැබැයි ඒ නිර්මාණ පවතින කාලය පිලිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන දෙය තමයි හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි සහ සංගීත විෂය හදාරා තිබිය යුතුයි කියන දේ.

ඔබේ ගීත ගොඩක් වෙලාවට ආදරය පැත්තට නැඹුරු වුණ ඒවා නේද?

මා දැනට ගායනා කරලා තියෙන ගීත කිහිපය ආදරය සහ විරහව පැත්තට බරයි. ඉතින් මගේ ජීවිතයත් ඒ වගේම තමයි. ආදරය සහ විරහව දෙකම මම අත්විඳලා තියෙනවා. හැබැයි මගේ ජීවිත කතාවට ගැලපෙන්න ඕනා කියලාම මම නිර්මාණ කරලා නැහැ. හැබැයි ඉදිරියට එහෙම වෙයිද දන්නේ නැහැ.  

මේ ආපු ගමනට අතදිපු අයත් ඇති කැළුම්ට?

මගේ මේ ගමනට උදව් කරපු අයව මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. මුලින්ම කීවොත් මගෙ අම්මා හා තාත්තා දෙන්නා. ඊට පස්සේ ෙසහෝදරියන් තිදෙනා. ඒ අය තමයි මගේ මුල්ම රසිකාවියෝ. හැම නිර්මාණයකම ගුණදොස් මට ලැබෙන්නේ ඒ අයගෙන්. අම්මා, තාත්තා දෙන්නා වගේම පවුලේ හැමෝම නිතරම පිටිපස්සෙ ඉඳන් මාව ශක්තිමත් කළා. ඊට අමතරව ගමගේ මල්ලි තමයි ගීතයක් මේ තරම් ඉක්මණින් කරන්න මට වචනෙන් හරි උදව් කළේ. ඒ එක්කම මගේ ගීත වලට සංගීතය, පද රචනයට දායක වුණ සියළුම දෙනාවා මේ අවස්ථාවේ මතක් කරනවා.  

බුද්ධික සේනාධීර