මේ ෆිල්ඩ් එකේ දිගටම රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ මගේ
තුෂානි දිනුෂ්කා මේ වනවිට රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කරමින් සිටින්නියකි. දැනට චිත්රපට කිහිපයකටම සම්බන්ධ වී සිටින ඇයගේ කුළුඳුල් චිත්රපටය නුදුරේම ප්රදර්ශනය වීමට සුදානම් කර තිබේ. ඒ ලාල් ප්රියදේව අධ්යක්ෂණය කළ මේක පුදුම කතාවක් චිත්රපටයයි.
දිනුෂ්කා කියන්නේ කවුද?
කලාවට එකතු වුණේ මොඩල් කෙනෙක් විදිහට. හැබැයි මම රැම්ප් මොඩල් කෙනෙක් නෙමෙයි. ගොඩක් අය මේ ෆිල්ඩ් එකට එන්නේ ඒ ගැන ඉගෙන ගෙනනේ. මම එහෙම නැහැ. අඩුම තරමේ මම මොඩ්ලින් ගැන දැන ගන්න වර්ක් ශෝප් එකකටවත් ගිහිල්ලා නැහැ. පොටෝ ෂූට්වලට පෙනී ඉන්න ආස කරපු නිසා මොඩ්ලින් කළා. ඔය අතරේ ඇඩ්වර්ටිස්මන්ට්වලටත් මම සම්බන්ධ වුණා. ඒ හරහා මාව අඳුනාගෙන මට ආරාධනා කළා සිනමාවටත් එකතු වෙන්න. මුලින්ම මම මේ ෆිල්ඩ් ආවේ මොඩල් කෙනෙක් විදිහටත්. හැබැයි දැන් ඇක්ටර්ස් කෙනෙක් විදිහටත් මේ ෆිල්ඩ් එකේ වැඩ කරනවා කියලා.
ක්ෂේත්රයට සම්බන්ධ වුණේ කොහොමද?
මොඩල් කෙනෙක් විදිහට මේ ෆිල්ඩ් එකට මම එන්නේ 2018 වසරේ. ශෝෂල් මිඩියාවල මම දාන පොටෝස් විඩියෝස් දැකලා සජිත් අබේගුණවර්ධන කියලා පොටෝග්රැෆර් කෙනෙක් මට කතා කළා පොටෝ ෂුට් එකකට. ඒක තමයි මම කරපු පළමු වැඩේ. ඒ හරහා තමයි මම මේ ෆිල්ඩ් එකට සම්බන්ධ වුණේ.
දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?
පොටෝ ෂූට්වලට අමතවර මම මියුසික් විඩියෝ හා කමාර්ෂල් කිහිපයක් කරලා තියෙනවා. බොහෝමයක් දැන් රිලිස් වෙලා තියෙන්නේ. ඒ එක්කම මම කලින් කිව්වා වගේ සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියලා. දැනට චිත්රපට නුහුරු වැයම හා මේක පුදුම කතාවක් කියන චිත්රපට දෙකේ පෙනි ඉඳලා තියෙනවා.
කලා ක්ෂේත්රය ගැන ඔබේ මතය?
ෆිල්ඩ් එක ගැන කියනවා නම් ඇත්තටම මම දන්නේ නැහැ පිටරට මොන වගේ පිළිගැනිමක් ආර්ටිස්ට්ලාට ලැබෙනවාද කියලා. හැබැයි ලංකාවේ නම් මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්න ගොඩක් අමාරුයි කියලා මට තෙරේනවා. මම මේ ෆිල්ඩ් එකට අලුත් ඒ හින්දා මට මේ ෆිල්ඩ් එක ගැන තියෙන්නේ ලොකු කළකිරිමක්. ගොඩක් වෙලාවට මේ ෆිල්ඩ් එකට එන අපි වගේ අලුත් අයට නම් කැපිලි කෙටිලි වැඩියි. මම ඒ වගේ අවස්ථා ගොඩකට දැනට මුහුණ දිලා තියෙනවා. ප්රවිණ කට්ටියගෙන් නම් උදව් මට ලැබුණේ ගොඩක්ම අඩුවෙන්. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන්. දන්නැති දෙයක් ගිහින් අහද්දි සමහර අය මඟඇරියා. පිරිමි අය නම් දන්න දේවල් කියලා දුන්නා. මම ආසයි පුංචි ඉල්ලිමක් කරන්න අපි වගේ අලුතින් මේ ෆිල්ඩ් එකට එන අයට එහෙම දේවල් කරන්න එපා කියලා. අපිත් ඒ අය වගේම ආසයි මේ ෆිල්ඩ් එකට.
මොනවද ඔබගේ ඉලක්ක?
මම හොඳ වැඩක් ආවොත් භාරගෙන කරනවා. විශේෂයෙන්ම චිත්රපට. ඒ වගේම දිගටම මගේ දායකත්වය පොටෝ ෂුට්වලට, කමාර්ෂල් හා මියුසික් විඩියෝස්වලට දෙන්න. මම මේ ෆිල්ඩ් එකට ගොඩක් කැමතියි. මොකද මම කැමතියි ජොබ් එකත් කරගෙන හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවන්න. ඒ තමයි මගේ තියෙන එකම ඉලක්කය. හැබැයි මම දිගටම මේ ෆිල්ඩ් එකේ රැඳෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
බුද්ධික සේනාධිර
ඡායාරූප - සුපුන් උදයංග