මේ වහන්තරාව තමා වැඩියෙන්ම මගෙත් එක්ක රඟපාල තියෙන්නෙ සම්පත් නිරෝශාට මොනවද මේ කියන්නේ?
දිනේට යෙදිලා තිබුන නිරෝශා තලගලගේගෙ උපන් දිනයට ක්ශේත්‍රයේ ලඟ ගොඩ දෙනෙක් සුබ පතලා තිබුනා. හැබැයි ඊයේ එක්කෙනෙක්ට ඇයට උපන් දිනේ වෙනුවෙන් සුබ පතන්න බැරි වෙලා. ඒ තමයි සම්පත් ජයවීර.ඒ දෙන්නා එකට ඉන්න ඡායාරූපයක් සොයාගන්න බැරි වුන නිසා කියලයි ඔහු කියලා තිබුනේ.
හැබැයි ඔහු හරි ආදරණීය සුබ පැතුමක් ඇය වෙනුවෙන් තබා තිබුනා. Nirosha Thalagala මැන්ටලේ ගෙ උපන්දිනේ පසුගියදා පැවතුනා. මට ඊයෙ හරිහමන් ෆොටෝ එකක් හොයාගන්න බැරි උන නිසා සුභ පැතුමක් දාන්න බැරි උනා. පමා වෙලා එන සුභ පැතුම් වල ආනිසංස වැඩී කියල කවුද කියල තියෙනවලු. ඒ නිසා මේකත් එහෙම වෙයි. මේ වහන්තරාව තමා වැඩියෙන්ම මගෙත් එක්ක රඟපාල තියෙන්නෙ .
ගෑනිට, හොර ගෑනිට , ලව් එකට, ට්‍රයි එකට, පරන ලව් එකට ඔය වගේ විවිධ භූමිකා. ඔක්කොම සුපිරියටම කලා. ඉතිං උපන් දිනේ විතරක් නෙමේ ඉදිරි ජීවිතේම සුභ වෙන්න ඕනෙ.