මේ වෙද්දී මම විවාහ ගිවිසගෙන ඉන්න මගේ මහත්තයන් හොඳ ජොබ් එකක් කරන්නේ
කොහොමහරි මට මේ ගේයි, සල්ලි ටිකයි ඕන මම මේ දේවල් ඔයාලගෙන් ඉල්ලන්නෙ මට මේ දේවල් ගත්තට පස්සේ ලංකාවේ ඉන්න අදහසක් නෑ. ‘ලොක්කි 2’ නාට්‍ය නරඹන අය දන්නවනේ මෙයා කවුද කියලා ? ඒ නාට්‍යයේ නතාෂා නමැති චරිතය රඟපාන්නේ ඇයයි. ඇයගේ සැබෑ නම තාරා ය. නිකම්ම තාරා නම් නෙවෙයි. නයනතාරාය. නිරූපන ක්ෂේත්රයේ වඩා ප්‍රකට චරිතයක් වන ඇයට බොහෝ දෙනා කියන්නේ ලංකාවේ අයිශ්වර්යා හෙවත් ලෝකල් අයිශ්වර්යා කියාය. අද අපේ කතා බහ එහෙම් වූ තාරා හෙවත් නයනතාරා කළුආරච්චි සමගය.
තාරා කියන්නද? නයනතාරා කියන්නද? නැත්නම් මොන විදියට හඳුන්වනවට ද කැමති?
නයනතාරා කළුආරච්චි වුණාම පාසල් ගිය කාලයේ ඉඳලම හැමෝම මට කතා කළේ තාරා කියලයි. මේ ෆිල්ඩ් එකට ආවාමත් හැමෝම වගේ කතා කරන්නේ ‘‘තාරා‘ කියලයි. ඉතින් ‘තාරා’ කළුආරච්චි කියලා කියන්න.
එහෙනම් තාරා කවුද මේ තාරා?
බොහෝ දෙනා මා ගැන දන්නේ නිරූපණ ක්ෂේත්රයේ සිටින කෙනෙක් විදියටයි. නිරූපණ ශිල්පිණියක ලෙස ක්ෂේත්රයට ආවේ බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදියට. මනමාලිය ලෙස මොඩ්ල් කිරීමට අමතරව අනෙකුත් විලාසිතා නිරූපන ශිල්පිනියක විදියටත් කටයුතු කරනවා.
මනාලියක ලෙස මේ දක්වා කොපමණ වතාවක් හැඩවෙලා තියෙනවද?
මම හිතන විදියට අවස්ථා පන්සීයයකට වඩා වැඩියි.
ඒ විදියට ‘මනාලිය’ විදියට හැඩවෙන්නට ගිහින් මුහුණ දුන් සිදුවීම් එහෙම තියෙනවද?
සමහර අවස්ථාවලදී මගේ පම්වතාට මාව හඳුනා ගන්න බැරිවූ අවස්ථා තියෙනවා.
දැන් මේ දිනවල කතා වෙන්නේ වැඩිපුරම ඔබ ගැන.
නිරූපණයටත් වඩා මේ දිනවල වැඩි දෙනෙක් කතා වෙන්නේ දෙරණ ටී.වි. ඔස්සේ විකාශය කෙරෙන ලොක්කි 2 නාට්‍යයේ මම රඟපාන චරිතය නිසයි. ඒකේ මම රඟපාන්නේ ‘නතාෂා’ කියන චරිතය. ඒක ටිකක් වෙනස්. ඒ නිසා තමයි හැමෝම වගේ ඒ වෙනස නිසා මගේ චරිතය ගැන කතා වෙනවා.
මොකක්ද ඒ වෙනස? කියමු බලන්න අපට?
ඒක දුෂ්ට චරිතයක්. නපුරු චරිතයක්. නතාෂා කියන්නේ මහ නපුරු ස්වභාවය එක්ක රඟපාන්න තියෙන චරිතයක්. හැබැයි නතාෂා දුෂ්ට වෙලා සිටින්නේ සාධාරණ හේතුවක් මත. හර්ෂ උඩකන්ද මහතාට ස්තුතිවන්ත වෙනවා මට ඒ චරිතය ලබා දුන්නාට.
තාරා රඟපාන කීවැනි නාට්‍යය ද මේ.
මීට කලින් නාට්‍ය හතරක විතර රඟපාලා තියෙනවා. ජනතාව අතරට ගිය නාට්‍යවලින් දෙවැනි එක මේක කියලා කියන්න පුළුවනි. සියතේ ගිය එන්කවුන්ටර් නාට්‍යයෙන් පස්සේ මට ජනතාව අතරට යන්න පුළුවන් වුණේ ලොක්කි 2
කොහොමද නතාෂා වීම නිසා ලැබෙන ප්‍රතිචාර
සමහරු මට කියන්නේ ඔයාට නියමෙට ගැලපෙන චරිතය රඟපාලා තියෙනවා කියලයි. එයාලා කියන්නේ මම කොහොමත් නපුරුයිලු. ඒත් තවත් අය කියන්නේ මම අලුත් කෙනෙක් වුණත් ඒ බව පේන්නේ නැහැ කියලයි. ඒ චරිතය රඟපාන විදිය හොඳයි කියලයි කියන්නේ.
රඟපෑම ගැන තාරාට තියෙන අත්දැකීම් මොන වගේද?
මෙහෙමයි පාසල් යන කාලයේ ඉඳලම නාට්‍යවලට සම්බන්ධව කටයුතු කළ සහ උනන්දු වූ කෙනෙක පාසල් මට්ටමින් තිබු තරඟවලට එහෙම ඉදිරිපත් වුණා. හැබැයි මට ඕනෑ වුණේ නිරූපණ ශිල්පිණියක වීමටයි. ඉතින් ඒ හීනය සැබෑ කරගෙන ගමනක් එද්දී රඟපෑමට ලැබීමත් එක්ක අද මට හිතෙන්නේ නිරූපනයට වඩා දෙයක් කරන්න පුළුවන් කියලයි. ලොක්කි චරිතය වගේම එක එක විදියේ වෙනස් චරිත ලැබීම එක්ක මට රඟපෑම ගැන තියෙන උනන්දුව තව තවත් වැඩි වෙලා තියෙන්නේ. ඒ විදියට ලබන අත්දැකීම් එක්ක රංගනයේ චරිතාංග ශිල්පිනියක ලෙස ගමනක් යාමට උත්සාහ ගන්නවා. නාට්‍යයෙන් නාට්‍යයට ලැබෙන චරිත විවිධාකාර නිසා ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මතක හිටින චරිතයක් වෙන්න පුළුවන් වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා.
නිරූපණයද වඩා ලෙහෙසි නැත්නම් රඟපෑම ද?
නිරූපණයට සාපේක්ෂව රඟපෑම අමරුයි. ඒ වගේම සමහර අවස්ථාවලදී නිරූපණයත් ලෙහෙසිම නැහැ. වෘත්තීය නිරූපණ ශිල්පිණියක නම්යශීළි වගේම හොඳ රටාවකට සිරුර තබා ගන්නට ඕනෑ. ඒ නිසා ඒ වෙනුවෙන් කෑම බීම පවා පාලනය කරන්න වෙනවා. ව්‍යායාම කරන්න වෙනවා. ඒ නිසා නිරූපණයේ දී තිබිය යුතු අනිවාර්යය දේහ ලක්ෂණ රංගන විෂයේදී අදාල වන්නේ නැහැ.
ශරීරය කෙසේ වෙතත් රංගනයේ දී වඩා වැදගත් වෙන්නේ දක්ෂතාවයයි. හැබැයි ඒක අන්තර්ජාතිකව ගත්තාම වෙනස් ජාත්‍යන්තර තලයේ නළු නිළියන් නිතරම තමන්ගේ සිරුරේ හැඩය පැහැය නම්‍යශීලීත්වය ගැන වැඩිපුර උනන්දු වෙනවා. ඒ නිසා ලංකාවේ හැටියට ගත්තොත් රඟපානවාට වඩා මොඩලින් කිරීම අමාරුයි. රඟපෑමේදී ඒ චරිතයට ආවේශ වෙලා දෙබස් මතක තියාගෙන කරන දෙයක් තමයි තියෙන්නේ. වෘත්තීයක් ලෙස නිරූපනය කරද්දී ඒ වෘත්තිය මට්ටමට ගැලපෙන විදියේ රූපයක් පවත්වාගෙන යාමට කැපවී කටයුතු කරන්න වෙනවා.
වැඩිපුර මුදලක් ලැබෙන්නේ නිරූපණයෙන් ද? රංගනයෙන්ද?
නිරූපණ ක්ෂේත්රයේ දී හැමදාම එකම විදියට ජීවිත කාලයම කටයුතු කරන්න බැහැ. සිටින කාලයක් විතරයි නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ කාලයේ දී වෘත්තිය මට්ටමින් එය කළොත් හොඳ වටිනාකමක් ලබාගන්න පුළුවනි. හරි විදියට ගමනක් ගියොත් හොඳ ආර්ථිකයක් නිරූපනය නිසා ගොඩනගා ගන්න පුළුවනි.
‘තාරා’ පොහොසත් චරිතයක් වෙන්න ඇති මේ වන විට?
එහෙමම පොහොසත් කියලා කියන්න බැහැ. මේ වෙද්දී මම විවාහ ගිවිසගෙන ඉන්න මගේ මහත්තයන් හොඳ ජොබ් එකක් කරන්නේ. අපි දෙන්නම එකතුවෙලා හොඳ බිස්නස් එකක් කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. අද අපි තැනක ඉන්නවා නම් ඒ ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේ අපි දෙන්නගේ මහන්සියෙන්.
කොහෙද ‘තාරා’ගෙ ගම?
මගෙ තාත්තා සේවය කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ. ඉතින් ලංකාවේ සෑම තැනකම වගේ අපි ඉඳලා තියෙනවා. පාසල් හතකට විතර මම ගිහින් තියෙනවා. මම උපන්නේ අනුරාධපුරයේ. ඊට පස්සේ නුවර, පොල්ගහවෙල, කුරුණෑගල ඒ වගේ ගොඩාක් තැන්වල හිටියා.
ඒ හිටපු තැන්වලින් ආසම ?
නුවරට මාරම විදියට ආසයි. හේතුව දන්නේ නැහැ. නුවර ඉදිද්දී මම වැඩ කළේ සංචාරක ක්ෂේත්රයේ.
‘තාරාගෙ පවුලේ විස්තර?
මමයි අම්මයි තාත්තයි අයියලා දෙන්නයි නංගියි ඉන්නේ. අයියලා දෙන්නත් සේවය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. නංගි විවාහකයි. ඒ අතර් ඇය උසස් අධ්‍යාපනය ලබනවා.
පාසල් කීපයකටම තාරා ගියා කිව්වනේ. හොඳම මතකය තියෙන්නෙ?
හොඳම මතකය තියෙන්නේ අනුරාධපුරයේ නිවන්තක චේතිය විද්‍යාලය. එවකට එහි සිටි නර්තන අංශයේ ගුරුවරිය නිසාත් පාසලේ දී බොහෝ ක්‍රීඩා ඉසව් නියෝජනය කිරීම වගේම ශිෂ්‍ය නායිකාවක වුණා. නෙට්බෝල්, බාස්කට් බෝල්, හොකී වගේම පිහිනුම් ක්‍රීඩාවන් කළා. ඒ සියල්ලට වඩා මට ඒ පාසලේදී තිබුණෙ හොඳ පිළිගැනීමක්.
හොඳ ශිෂ්‍යාවක්, නර්තනයට දක්ෂ සිසුවියක් බාහිර ක්‍රියාකාරකම්වලට දායක වූ සිසුවියක් ඒ ආදි වශයෙන් බොහෝ දේ නිසා මම පාසලේ ජනප්‍රිය චරිතයක් වුණා. මගේ නැටුම් ගුරුවරිය සුබෝධිනී රත්නායක මහත්මිය වගේම නිවන්තක චේතිය පාසල මගේ පාසල් ජීවිතයේ සදානුස්මරණීය තැනක්. ලස්සන මතකයන් සනිටුහන් වූ තැනක්.
‘තාරා’ ඇයි මේච්චර අයිෂ්වර්යා රායිට කැමති?
මේ ක්ෂේත්රයේ දී මට බොහෝ දෙනා කියන්නේ ලෝකල් අයිෂ්චර්යා කියලයි. නිරූපණ ක්ෂේත්රයේ දී හඩගැන්වීම් කළාම ෆයිනල් ටච් එකෙදී ඒ කියන්නේ රූපලාවන්‍ය හැඩගැන්වීම් නිමාවේදී බොහෝ දෙනා මාව දකින්නේ අයිෂ්වර්යාගේ පෙනුමට සමානවයි. මම අයිශ්වර්යා වගේ වෙන්න හදන්නේ නැහැ. ඒත් මේක් අප්වලින් පස්සේ පෙනුම ඒ වගෙයි.
එතකොට ‘තාරා’ අයිෂ්වර්යාට කැමති ඒ හා සමාන වූ පෙනුම ඇති නිසාද?
එහෙමම දෙයක් නිසා නෙවෙයි. කුඩා කාලයේදීත් මට යාළුවෝ විහිළු කළේ ඒ විදියයි කියලයි. අයිෂ්වර්යාට කාජල්ට මම කැමතියි. පුද්ගලිකව ගත්තොත් මගේ ප්‍රියතම කාන්තාවක් ඇය. ඇයගේ රංගන නර්තන හැකියාවන් අති විශිෂ්ටයි. නිරූපන ක්ෂේත්රයට ඇවිත් ඉන්දියානු විදියට ඩ්‍රෙස් කළාම දවසක් මේක් අප් කළ ඉන්දියානු වේෂ නිරූපණ ශිල්පියා මට කිව්වේ ඔයා හරියට අපේ අයිෂ්වර්යා වගේ කියලයි. ලොක්කි නාට්‍යයේ සමහර රූප රාමු දිහා බලන ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන්නෙත් ඒ වගේ ප්‍රතිචාර.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ
විලාසිතා සහ හැඩගැන්වීම්: Buddhi Bridal house කොට්ටාව.
පසුතලය Solis (කෝට්ටේ)