මං මාර පෝසත් මිනිහෙක්, අනුහස් උපන්දිනය සමරමින් කියූ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රවීන් කනිෂ්ක මේ නමට වඩා මුළු ලංකාවම වගේ මේ චරිතය හදුනාගන්නේ අනුහස් ලෙසින්. ලංකාවේ පුංචි තිරයේ දැන් සිටින ආදරණිය පෙම්වතා තමයි ඔහු. ඩ්‍රීම් ස්ටාර් හරහා ගායකයෙක් ලෙස කලාවට පිවිසි ඔහු දෙවනි ඉනිම හරහා නළුවෙක් බවට පත්වෙනවා. අද ඔහු ටෙලි නාට්‍ය රැසකම වගේම සිනමාවේ ආදරණිය නළුවෙක් බවට පත්ව තිබෙනවා. ඒ ඔහුගේ හැකියාව සහ වාසනාව නිසා. පසුගියදා රවීන් සිය උපන්දිනය සමරනු ලැබුවා.

උපන්දිනය සමරමින් ඔහු සමාජ මාධ්‍යට මෙලෙස සටහන් එක්කර තිබුනා.

මං මාර පෝසත් මිනිහෙක්. කොච්චර හම්බකරලා තියෙනවද කියලා හොදට තේරෙන දවසක් තමයි. අගෝස්තු 15. හම්බ කරපු හැම කෙනෙක්ගෙන්ම එන ආදරේ දැක්කම ඇත්තමයි අම්බානකට පෝසත් . ආදරෙයි ඒ ආදරේට ගොඩක්.

අපිත් රවීන්ට සුබ උපන්දිනක් කියා සුබ පැතුම් එක්කරනවා.