“මං බය හිස් පිටු වලට විතරයි.” - තිරපිටපත් රචක නිදුක් මදුෂික



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යය බොහෝමයක් තිරපිටපත් චරකයා ලෙස ජනප්‍රියත්වයට පත් තරුණයෙකු ලෙස නිදුක් මදුෂික ව හැඳින්විය හැක. මේව විට ඉතාමත් ජනප්‍රියත්වයට පත් තවත් ඒක කතාවක් වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයේද තිර රචකයා ඔහුය. එම කාරණාවත් මුල් කර ගනිමින් මෙවර කතාබහට අපි ඔහුව මෙලෙස සම්බන්ධ කර ගනු ලැබුවා.

මේ දින වල විකාෂය වන  සැලෙනා නුවන් ටෙලි නාට්‍යයෙන්ම කතාබහ ආරම්භ කරමු?

ධරණි ටෙලි නාට්‍යයට පසුව මං දෙරණ නාලිකාවට ලියන ,නාට්‍යය තමයි සැලෙනා නුවන් කියන්නේ....අසාධාරණ විදිහට ගමේ අහිංසක මිනිස්සුන් තලා පෙලමින් ව්‍යාපාරයක් කරන මුදලාලි කෙනෙකුට විරුද්දව නැගී සිටින ගොවිතැන් කරන උපාධිධාරි තරුණයෙකු  මුලික කරගෙන තමයි මේ කතා සංකල්පය ගොඩනැගෙන්නේ..පිනිදිය ගම කියන ගමේ තරුණියක් කරන ඒකපාර්ශවීය ආදරයක් , මේ ගමට එන තරුණ ගුරුවරියක්,තුළ  ඇතිවන ආදරයක් එක්ක කතාව තවත් රසවත්ව ඉදිරියට යනවා..මේ වෙද්දි කතාවට හොද ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ මේ වෙද්දි රෑපවාහිනියේ ජනප්‍රිය  ටෙලිනාට්‍යය රචනා කරන කෙනෙක්..ඒ  දක්වා ආපු ගමන  ගැන කතා කලොත්?

මං මුලින්ම පුවත්පත් විශේෂාංග ලිපි රචකයෙක් ලෙස වසර ගණනක්  කටයුතු  කරනවා.ඒ අතර පුවත්පත් වල  නවකතා ලියන්න අවස්ථාවක් ලැබෙනවා.ඉන් පසු පුවත්පත් වල වැඩ කරන ගමන්ම  තමයි ගුවන් විදුලි නාට්‍යය ලියන්න යොමු වෙන්නේ.ඒ 2015 වගේ කාලෙදි, ..2015සිට  ගුවන් විදුලි නාට්‍යය රචනා කරනවා.මේ වෙද්දිත් හිරු එෆ් එම් නාලිකාවේ දහවල් ගුවන් විදුලි නාට්‍යය රචනා කරමින් ඉන්නවා.ගුවන් විදුලි නාට්‍යය වලින් පසුව තමයි මං ටෙලිනාට්‍යය රචනා කරන්න යොමුවෙන්නේ...ඒකාංගික ටෙලිනාට්‍යය,ටෙලි චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් රචනා කළාට පසුව,ධරණි  ටෙලිනාට්‍ය පිටපත ලියන්නේ...එහි කතා සංකල්පයේ ඉදන් මග පෙන්වීම කලේ දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර්.ධරණි නාට්‍යයෙන් පසුව තමයි දීර්ග ටෙලිනාට්‍යය රචකයෙක් ලෙස කටයුතු කරන්න යොමුවෙන්නේ.

පුවත්පත්කලාවේදියෙක් ලෙස වැඩ කරද්දි පිටපත් රචකයෙක් වෙන බලාපොරොත්තුව තිබ්බද?

ඔව්,මං  ඒ වෙද්දි හිතුවා මගේ ගමන අරබන්න හොදම තැන පුවත්පත කියන එක...මං පාසල් යන කාලේ ඉදන්ම පුවත්පත් වලට ලියන එක කළා.ඒ ලියපු හැම එකක්ම  පළවුණා.ඉන්පසු මං  සම්බන්ධ වුණේ “ අද” හා “තරුණයා” පුවත්පත් වලට..එහෙත් ආර්ථිකමය වශයෙයන් ස්ථිවර වියයුතුයි කියන කාරණය එක්ක මට පිටපත් රචකයෙක් ලෙස කටයුතු කළ යුතුයි කියන එක දැනෙන්න ගත්තා..පුවත්පත් කලාවේදියෙක් ලෙස කටයුතු කරන කාලේ ක්ෂත්‍රෙයේ  බොහෝ දෙනෙක් ඇසුරු කරන්න මට අවස්ථාව හිමිවුණා..ඒ තුළින් බොහෝ අත්දැකීම් බලා ගැනීම හැකිවයාව ලැබුණා. ඒ අතර මේ ගැන න්‍යායාත්මකව ඉගෙන ගන්න ඕන කියන කාරණය එක්ක පාඨමාලා කිහිපයක් කළා.ඒ දේවල් මට පිටපත් රචකයෙක් ලෙස කටයුතු කරන්න බොහෝ ඉවහල්වුණා.

ඒ දේ එක්කද ඔබ සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස වැඩ කරන්න යොමුවෙන්නේ?

ඔව් ,න්‍යායාත්මක දේවල් ඉගෙන ගන්නවා වගේම ප්‍රායෝගික පැත්තත් දැනගන්න මට උන්දුවක් තිබුණා...මං ලියන ගීත රූපරචනා වල,ඒකාංගික ටෙලිනාට්‍යය වල සෙට් එකේ ගිහින් වැඩ කරන්න මං මුල් කාලෙදි යොමුවුණා....අත්දැකීම් ගන්න පරමාර්ථය එක්ක කරපු දෙයක් ඒ....

සැලෙනා නුවන් ඔබේ පිටපත අධ්‍යක්ෂනය ගැන මොනවද කියන්න තියෙන්නේ?

මේ නිර්මාණයේ අධ්‍යක්ෂක වරයා ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක.ඔහු නිර්මාණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා.අපි දෙන්නා  මුලින් ධරණි ටෙලිනාට්‍යය කලා.අපි එහි කතාංග හාරසීයක් පමණ කලා....ඔහු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්..ඔහු සමග කාලයක් වැඩ කරලා තියන අවබෝධය එක්ක මේ වැඩේ කරගෙන යන්න පහසුයි.මේක සාමුහික කලාවක් නේ...ඔහු ඇතුළු සැලෙනා නුවන්  පිරිසගේම කැපවීම උත්සහය එක්ක මේ වැඩේ තවත් ලස්සන වෙනවා..

තිරරචකයෙක් විදිහට ඉන්න ඔබ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන්න බයද?

මං බය හිස් පිටුවලට විතරයි..අධ්‍යක්ෂණය කියන්නේ   වෙනම කාර්යයක්...රචකයාම අධ්‍යක්ෂක වරයෙක් වෙද්දි ඒ රචකයා පරිකල්පනය තුළ දකින දේ රෑපමාධ්‍යය ට ගෙන එන්න වඩා පහසුයි කියන දේ  මං හිතනවා.නමුත් රචකයෙක් ලෙස කටයුතු කරන්න තමයි වැඩියෙන් කැමතියි...

ඉදිරි වැඩ කටයුතු හා ඉදිරිනිර්මාණ ගැන කතා කලොත්?

මේ වෙද්දි මං චිත්‍රපට පිටපතක් ලියා නිම කර තිබෙනවා.මේ වෙන විට එහි පෙර නිෂ්පාදන කටයුතු බොහෝ ප්‍රමාණයක් අවසන් වෙලා තියනවා.එය ලබන මස රූගත කිරීමට නියමිතයි...ඒ වගේම නවකතාවක්  ලියමින් ඉන්නවා.එය නිමකිරීමට කාල වේලාව නැති කම තිබෙන්නේ.ඉදිරියේදි එය නිමකරන්නබලාපොරොත්තු වෙනවා...

අද ඉන්න තැන ගැන තෘප්තිමත්ද?

ආත්ම තෘප්තියක් තියෙනවා.පටන් ගත්ත තැන සුන්දර නැහැ.ජිවිතේදි අපිට අදුරු මිනිස්සු වගේම සොදුරු මිනිස්සුත් හම්බවෙනවා...ඒ හැමෝටම ජීවිතේට අත්දැකීම් දුන්නට ස්තුති වන්ත වෙනවා.විශේෂයෙන්ම සියලු දේ  අධික්ෂණය කරමින් මග පෙන්වන   දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර්,නාට්‍යය අංශ ප්‍රධානි චමින්ද අරබේගෙදර අයියා,හිටපු නාට්‍යය අංශප්‍රධානි චරිත් අයියත් කොතලාවල අයියත් අද පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාංචන දසනායකත් මතක් කළ යුතුමයි...

සටහන - කැලුම් දේවින්ද