මේ ක්ෂේත්‍රය විනාස කරන්නේ Modelingවලට ආදරේ නැති අය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්ෂේත්‍රයේ නම ගිය නිරූපිකාවන් මේ වනවිට තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල නිරූපන ක්ෂේත්‍රයේ ගුනාත්මකබව ගැන විවිධ මත අදහස් පළ කරනවා. ඒ පසුගියදා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිරූපිකාවක් යැයි කියාගන්නා අයෙක් පවත්වපු Fashion Show එකක් හේතුවෙන්. 

මේ අතරින් ක්ෂේත්‍රයේ කලක් රැඳී සිටි නිරූපන ශිල්පිනියක් වෙන ඕෂධි හිමාෂා වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය ගැන සහ එයට පැමිණෙන ආධුනිකයන් ගැන තමන්ගේ අදහස සිය සමාජ ජාලාවල සටහන් කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහන.

"නිරූපණ ශිල්පය කියන්නේ පොඩි කාලේ ඉඳලාම මම දැකපු හීනයක් සහ ආසාවක්. සමාජ මාධ්‍යවල ඉන්න අය නොදන්නා ක්ෂේත්‍රයේ හොඳම අය සමඟ වැඩ කිරීමට ලැබීම මට වාසනාවක්. අපි බොහෝ වෙහෙස මහන්සි වී විලාසිතා කර්මාන්තය අද පවතින තත්ත්වයට සාමූහිකව ඔසවා තැබුවා.

කර්මාන්තයට ආදරයක් නැති මිනිසුන් පැමිණෙන්නේ වාසි ලබා ගැනීමට සහ මේ කර්මාන්තය විනාශ කිරීමට පමණක් බව දකින විට කණගාටුදායකයි. අලුතින් එන අයගේ තත්ත්වය මට දැනෙනවා. නිරූපිකාවන් ලෙස අපි නිරූපන ක්ෂේත්‍රයේ ස්වර්නමය කාලයේ සිටීම ගැන සතුටු වෙනවා.

නිර්භීත හා බුද්ධිමත් වන්න. මට කියන්නට ඇත්තේ එපමණයි... ඔබ නිසි ලෙස වෘත්තීය නිරූපිකාවක් වීමට පෙර පවා උගුල්වලට හසු නොවී කලකිරීමට පත් නොවන්න."