මං එනකන් පරිස්සමෙන් ඉන්න තාත්ති - ජනප්‍රිය නිළි පියුමි බොතේජු තැබූ සංවේදී සටහන
ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි තබා තිබූ සටහනක් අපේ ඇස ගැටුණා. ඇය එම සටහන තබා තිබුණේ සිය පියා ගැන. ඇයගේ පියා ගෙවුණු වසරේ දිවිගමන නිමකළ පුවත ඔබ කවුරුත් දන්නවනෙ. ඇය මේ සටහන තබා තිබුණේත් එලෙස හැරගිය පියාගේ මතක ආවර්ජනය කරමින්.
"ජිවිතේ මාරම අඩුවක් දැනෙනවා තාත්තී. මං හිනාවෙලා නැත්තන් මට කරදර කරකර ඔයා ඇයි මොකද කියලා අහනවා. මං විහිලුකරලා ජොලියේ ඉන්නවටයි ඔයා ආස. කියාගන්න තේරෙන්නැති මොකද්දෝ දෙයක් තියෙනවා. හැමකෙනෙක්ටම හිනාව දෙන්න මට පුලුවන් උනාට, මට හිනාව දුන්නේ ඔයා. මං එනකන් පරිස්සමෙන් ඉන්න තාත්ති"