’’මේ ආදරණීය රට දකිමින් බලමින්, හොඳින් වැඩෙන්න’’ - පුෂ්පිකාගෙන් පුංචි පුතාට උපදේශයක්
පුෂ්පිකා ද සිල්වා කියන්නේ මිස් ශ්‍රී ලංකා කිරුළ වගේම මිසිස් ශ්‍රී ලංකා කිරුළද පැලැඳි සුරූපිනියක්. පසුගිය්ට වසරේ මිසිස් ශ්‍රී ලංකා කිරුල සම්බන්ධයෙන් වුණු ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවේ වින්දිත පාර්ශ්වය වන්නේ ද ඇයයි. පුෂ්පිකා පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. පුෂ්පිකා සමාජ මාධ්‍යවල නිතරම ඡායාරූප පළ කරමින් පුද්ගල පෞරුස සංවර්ධනය සම්බන්ධ විවිධ ප්‍රකාශ කරනවා. පසුගිය දිනෙක පුෂ්පිකා ඇගේ පුංචි පුතාට දුන් උපදේශයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. එම සටහන පහත දැක්වෙනවා.
"මගේ ආදරණීය පුතුනි,
පාරාදීසයක් බඳු මගේ පුංචි මව්බිමේ ඇති සුන්දරම තැන් සොය සොයා මම ඔබව රැගෙන යමි. ඔබේ අම්මාත් ඔබත් ඉපදුනු මේ රට මොන තරම් ලස්සන තැනක්දැයි පුංචි ඔබත් දැනගත යුතුය. මේ අපූරු සොබාදහම ඕනෑම කෙනෙකුගේ මනස තුල සතුට සහ සැනසීම ඇති කරන බව මම දනිමි. ඉතින් මේ ආදරණීය රට දකිමින් බලමින්, හොඳින් වැඩෙන්න.! යම් දිනක ඔබේ අම්මා මෙන් ඔබත් මේ රට ලෝකයක් ඉදිරියට ගෙන යා යුතුය.
- ආදරණීය අම්මා"