බෙහෙත වගේම හේතත් වෙලාවට ලැබුණ නිසා මට ගෙදර එන්න ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පියුමි බොතේජු ගැන කවුරුත් දන්නවනෙ. ඇය පහුගිය දවස්වල හිටියේ රෝහල්ගතවයි. ඒ ගැන ඇය විසින්ම සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා. ඒ, "දවස් ගනනක් විෂබීජයක් සමග සටනක්.." යනුවෙන්. සටහන් සමඟම ඇය රෝහලේ ඇඳක් මත අපහසුවෙන් සිටින රූ සටහන් ද අපිට දකින්න ලැබුණා. දැන් ඇය පසුවන්නේ නිවසේ... නමුත් ඇය පවසන්නේ තවමත් සම්පූර්ණයෙන්ම සුවවී නොමැති බවයි.

පහතින් දැක්වෙන්නේ ඇය රෝහල් කාර්‍යය මණ්ඩලයට ද ස්තූති කරමින් තැබූ සටහනයි.

ආදරණීය මිනිසුන්ගෙන් පිරුනු තැනක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල 
දවස් 7 ක් වාට්ටු අංක 3 , 309 කාමරය මගේ නවාතැන වුනා. මා රෝහල්ගත කල මොහොතේ ඉදලා ඒ ආදරණීය මිනිසුන් මට සැලකුවේ තමන්ගෙම කෙනෙක්ට වගේ. වෛද්‍යවරයා, හෙද සහෝදරියන් වගේම සත්තාර කරන සියලුදෙනාගෙම ලෙන්ගතුකමත් රෝගියෙක්ගේ මානසිකත්වයට ප්‍රබලව බලපානවා. ඒ ආදරය මං මේ දින 7 ට නොඅඩුව ලැබුවා. බෙහෙත වගේම හේතත් වෙලාවට ලැබුන නිසා මට ගෙදර එන්න ලැබුනා. නමුත් තව ටික දවසක් වීවේක ගත යුතු බවයි වෛද්‍යවරයාගේ උපදේශය වුනේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මාවෙනුවෙන් කැපවුන කාර්ය්‍ය මණ්ඩලේ සියලු දෙනාටම අනේකවාරයක් ස්තුතියි.