බුවිනි දියලගොඩ හැබෑ කරගත් කිරි සිහිනය ගැන කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනී බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති. පුංචි පුතායි දුවයි එක්ක බිවිනිගේ ජීවිතේ තවත් ලස්සන වෙලාලු. පුංචි කිටි කැටියන් දෙදෙනෙක්ම ලැබුනු බුවිනි ගැන පසුගිය දිනවල හැමෝම කතා කලා. මෑතකදි ඇය පෞද්ගලික යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුනා.

ඒ ඇගේ පුංචි පැටව් දෙදෙනා ගැන කියන්න.

එහිදී පැටවු දෙදෙනා ලැබෙන්න ඉන්න සුබ ආරංචිය දැනගත්ත දවස ගැන මෙසේ කියා සිටියා.

"මගේ දැන් ඉන්න පැටවු දෙන්නට කලින් සැරයක් මම ප්‍රෙග්නන්ට් වුනා. හැබැයි සති පහක් හයක් වගේ බොහොම කෙටි කාලෙකදි ඒ දරුව නැති වුණා. ඒක මට දරුණුවට බලපෑවා. ලොකු බලාපොරොත්තුවක් නිසා, මම ගොඩක් මානසිකව වැටුනා. මගේ සැමියා මට ලොකු හයියක් වුණා. එයා නිතරම කිව්වේ අපි ළඟට එන්න ඉන්න ඕනේ කෙනා අපි ලඟ එයි කියලා.

මගේ දරුවො දෙන්නා හම්බෙන්න එනවා කියලා දැනගත්තාම අපි ටිකක් බය වුනා. මොකද කලින් ලැබුනු අත්දැකීම නිසා. මුලින්ම ස්කෑන් එකෙන් දැක්කේ එක බබාවයි. දෙන්නාවම දැක්කේ නැහැ. ඩොක්ටර් දෙවැනි ස්කෑන් එකෙන් හාර්ට් බීට් එක හොඳයි කිව්වාම මට හොඳට ඇඬුනා. තුන්වෙනි ඩොක්ටර් විසිට් එකේදි දැනගත්තා දරුවො දෙන්නෙක්ම ලැබෙන්න ඉන්නවා කියලා. ඩොක්ටර් ඒක කියද්දිම මගේ හස්බන්ඩ් හයියෙන් කෑගැහුවා.. ඒ එයාගේ සතුට වැඩිකමට. මම බලාපොරොත්තු නොවුණු දෙයක් ඒක. ඩොක්ටර් කිව්ව ඔන්න එකට දෙකක් ඉන්නවා කියලා... මට ඒ වෙලාවේ හිතුනා අපිට කලින් නැති වුන එක්කෙනා එක්ක තවත් එක්කෙනෙක් ආවා කියලා. ඒ සතුට ඒ මොහොත කවදාවත් ජීවිතේ අමතක වෙන්නේ නැහැ."