බලු පැටවුන් යට කළ කාන්තාවට පියුමි හංසමාලිගෙන් සැර කතාවක්
පසුගිය දින දෙක තුළ සමාජ ජාලාවල සංසරණය වුණු පුවත් අතර මෝටර් රථයකට සුනඛ පැටවුන් දෙදෙනකු යටකර ඝාතනය කිරීමේ සිද්ධිය ඔබට මතක ඇති. එය සිදු කළ සැකකාරිය පසුගිය 20 වැනිදා මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇයව අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදුන්නා. මේ පිළිබඳව අප්‍රසාදය පළ කල බොහෝ දෙනා අතර සත්තුන්ට ආදරේ කරන ජනප්‍රිය නිළි පියුමි හංසමාලිත් විශේෂයි.
පියුමි හංසමාලි මේ ගැන අප්‍රසාදය පළ කරමින් ඇගේ සමාජ මාධ්‍ය වල ටිකක් සැර සටහනක් පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි.
"කවුද ඒ කාන්තාව පල කරනන්කො ඇගෙ පිංතුර අපි ආසයි. එ මුන ටිකක් බලන්න? ඇපත් ලැබිලාද? නිතියෙන් බෙරැනාට මම කර්මය විශ්වාස කරනවා මහා ගොඩාරියක්. කර්මය එනවා ආය පස්සෙන්. නලු නිලියන්ගෙ දෙවල් උනා නම් මහා ලොකුවට videos අරං අපිව නැති කරයි. මේ Media කො දැං මෙයාගෙ මුනක් වත් නැ. කොමද ඇගෙ නමක් වත් නැතුව මුනක් වත් නැතුව මෙක ඉවර උන හැටි. පවු අහිංසක කුකක්කො දෙන්නා."