බිරිඳයි දරුවෝයි එක්ක වැඩිපුර කාලය ගෙවනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පාරදිගේ ටෙලි නාට්‍යයේ රෙක්සි ලෙස කවුරුත් මේ දිනවල හඳුනන විරජ් පෙරේරා මේ වසරේදී වෙනස්ම විදිහේ නිර්මණ රැසකින් ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි. අලුත් වසරේ උදවේම අපි ඔහුගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසුවා.

මේ වසර මට බලාපොරොත්තු රාශියක් තියෙන වසරක්. එහෙම කියන්න හේතුව වෙන්නේ මම මගේ පවුලට ගොඩක් ලැදි කෙනෙක්. මගේ බිරිඳ හා දරුවෝ එක්ක සතුටින් මගේ පවුල් ජිවිතේ ගෙවන කෙනෙක්. මගේ දුව මේ වසරේ පස්වැනි වසරටත්, පුතා දෙවැනි වසරටත් යනවා. ඉතින් ඒ දෙන්නාගේ අධ්‍යාපනය පැත්ත ගැන මේ වසරේදී මාත් බිරිඳත් ලොකු අවධානයක් යොමු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කාලයත් එක්ක ගෙවුනු මේ ජිවිතය තේරුම් අරගෙන වැරදි අඩුපාඩු හදාගෙන උදාවුණ නව වසරේදී කාටවත් කරදරයක් නොවී හොදින් ගෙවලා දාන්න තමයි මම වසරේ සැළසුම් කරමින් ඉන්නේ.