බිරිඳට ආදරණීයව සුබපැතුම් එකතු කළ විශ්ව
අම්මා කෙනෙක් වගේ ආදරේ වෙන්න පුළුවන් බිරිඳක් ලබන්න පිරිමියෙක් සෑහෙන්න වාසනාවන්ත වෙන්න ඕනි.
ඒ විතරක් නෙවෙයි ඇයට පුළුවන් නම් ඔබේ හොඳම යාලුවා වෙන්න... එහෙම බැඳීම් ඇත්තටම හරි ලස්සනයි.
අපි ඒ කතාව කිව්වෙ ජනප්‍රිය රංගන ශිල්පි විශ්ව කොඩිකාර විසින් තබා තිබූ ආදරණීය සටහනක් ළඟ අපේ ඇස නතර වුණු නිසයි....
"බිරිඳ යනු පිරිමියකුගේ දෙවන මව කියා අසා තිබුනද,
ඔබ මට විටෙක යෙහෙළියකි,
විටෙක සොයුරියකි,
තවත් විටෙක මවකි.
මගේ ජීවිතයට නව අරුතක් එක් කල ඔබ මගේ බිරිඳයි.
ඔබගේ ආදරයෙන් මමත් මගේ දරු දෙපලත් පෝෂණය වේ...
ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා..."