බ්‍රිතාන්‍යයේ හොඳම නළුවා අරගලයේ අභියෝග ගැන මුල්වරට කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආණ්ඩු විරෝධී අරගලය ඉදිරියේදී විවිධ බලවේග මගින් බෙදීමට උත්සහ කරනු ඇතැයි පසුගිය දා ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය දිනා ගත් හිරාන් අබේසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, තත්ත්වය ශුභවාදී වීමට පෙර තරමක් අපහසු වනු ඇති බව යි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා. 

“මොන රටේ ද මේ වෙලාවේ අරගල භූමියක පුස්තකාලයක් තියෙන්නේ? ඒක සංකේතයක්. එතන ඒ භූමිය. ඒක ම තමයි මම හිතන්නේ develop වෙලා මුළු රටට ම යන්න ඕනේ. යමක් වෙමින් පවතිනවා. ඒක හැබැයි ලංකාවට හරි ම අලුත්. ඉස්සරහට තව චුට්ටක් අමාරු වෙයි හොඳ වෙන්න කලින්. දෙපැත්තකට කඩන්න හදයි. එක එක බලවේගයන් විසින්. ඒක විශ්වාස නොකර දිගට ම ආදරෙන් මේක කරගෙන ඉස්සරහට යමු.” 


 
ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර පසුගිය දා සමත් විය.
 
එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි. 
 
අනතුරුව ඔහු මෙරට ගාලු මුවදොර පැවැත්වෙන අරගලයට සම්බන්ධවීම සඳහා මෙරට පැමිණියේ ය.