බුකර් සම්මානය දිනා ගත් ශ්රී ලාංකිකයාගේ පොත ගැන ආන්දෝලනාත්මක දෙයක් කරළියට
මෙවර බුකර් සම්මානය දිනා ගත් ශ්රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතියේ මෘදු පිටපතක් අන්තර්ජාලය තුළ සැරිසැරීම සම්බන්ධයෙන්, බුකර් සම්මානලාභී ලේඛකයා ආයාචනයක් කරනවා.
වසර හතක් තුළ ගණන් කළ නොහැකි පර්යේෂණාවලියක වෙහෙස මහන්සි වෙමින්, රචනා කළ මෙම කෘතියේ නිල නොවන මෘදු පිටපතක් තමා වෙත ලැබුණහොත් එය වෙන අයෙක් සමග බෙදා ගැනීමෙන් වළකින ලෙස කතුවර ශෙහාන් කරුණාතිලක සැමගෙන් ඉල්ලා සිටිනවා. තව ද ලංකාවේ කලාවට අවංකව ම ආදර ගෞරවයක් දක්වන අයෙක් වෙත්නම් කෘතිය මිල දී ගෙන ම කියවන ලෙස ඉල්ලා සිටිනවා.
එලෙස පොතක කතුවරයාගේ අවසරයකින් තොරව මෘදු පිටපතක් ළඟ තබාගැනීම නීතිමය වශයෙන් වරදක් බව ඔබත් දන්නවා ඇති. පහුගිය දිනවලත් ඒ ගැන වැඩි කතාබහක් ඇති වුණා. පහතින් දැක්වෙන්නේ ඔහු තබා තිබූ එම සටහනයි.