පාසල් කාලේ තමයි වැඩිම ආකාර්ශනය මට තිබුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඒලේවල් චිත්‍රපටය නැරඹු ඔබට එහි අහිංසා ලෙස රංගනයෙන් දායක වූ ළහිරුකා අදද මතකයේ පවතින බව අප දනි. පසුගිය කාලයේ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳෙන කලා නිර්මාණ කිහිපයකම දුටු ළහිරුකා මේ දිනවල නම් කලා කටයුතුවලින් තරමක් ඈත්ව සිටියි. නිතර පෞද්ගලික හා කලා ජීවිතය ගැන විමසන නිසාම අප මෙවර ළහිරුකාට වෙනස්ම විදිහේ ප්‍රශ්න යොමු කළා.

ළහිරුකාට ප්‍රථම ප්‍රේමය ගැන අපට කියමුකෝ..

ප්‍රථම ප්‍රේමය ගැන කියනවා නම් ඒක ඇති වුණේ දැන් මම විවාහ වෙලා ඉන්න මගේ සැමියා එක්ක. අප්‍රේ ප්‍රේම කතාවේ ආරම්භය සිදුවන්නේ අපිට තෙරේන කාලේ ඉඳලා. හැබැයි එකිනෙකා කෙරෙහි ආදරය ප්‍රකාශ කරන්නේ උසස් පෙළ විභාගය ලියන කාලේ. එතැනින් පටන්ගත්තු අපේ ආදර කතාව අද වෙන කොට විවාහය දක්වා දුරදිග ගිහින්. ඉතින් ප්‍රථම ප්‍රේමයම මම මගේ මුළු ජීවිත කාලය අත්විඳින්න තරම් වාසනාවන්ත වුණා කිව්වොත් හරි.

ළහිරුකාට ආදර යෝජනා එහෙම ආවේ නැද්ද...

ඇවිත් තියෙනවා. හැබැයි ගොඩක් තරුණයෝ පස්සෙන් ආවා විතරයි. කිහිප දෙනෙක් නම් ආදරේ ප්‍රකාශ කළා. ආදරය කියන දේ එකිනෙකාට දැනෙන්න ඕනා දෙයක්නේ. නමුත්, මට එහෙම ඔවුන් කෙරෙහි ආදරයක් ඇතිවුණේ නැහැ. ගොඩක් වෙලාවට කළේ ඔවුන්ව මම මඟහැරපු එක විතරයි.

වැඩිපුරම ළහිරුකාට තරුණයන්ගේ ආකර්ශණය ලැබුණේ..

පාසල් කාලේදී තමා. ඒලේවල් චිත්‍රපටයට සම්බන්ධ වෙන කොටත් මම පාසල් යනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න පටන්ගත්තාම ඒ ආකාර්ශණය තව තවත් වැඩිවුණා. ජනප්‍රිය කෙනෙක්ට ඉතින් ඒ දේවල් ලැබෙනවා නේ. හැබැයි මම ලොකුවට ඒ ගැන හිතුවේ නම් නැහැ.

ළහිරුකාට ජනප්‍රිය තරුවකට වගේ හිත ගිය අවස්ථා නැද්ද..

නැහැ, කවදාවත් ඒ වගේ දෙයක් මගේ හිතට දැනිලා නැහැ. මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. ක්ෂේත්‍රයේ වැඩ කරන අයත් එක්ක මිතුරන් ලෙස ඇසුරු කරලා තියෙනවා. හැබැයි එහෙම හිතින්වත් ඒ අයට ආදරය කරලා නම් නැහැ මම

ළහිරුකා දැන් විවාහකයි. ඒ ආදර කතාව දිග හැරුණේ කොහොමද..

සැමියාව මට මුණ ගැහුණේ මට පොඩි කාලේ. නමුත්, ප්‍රේම සම්බන්ධයක් අපි දෙන්නා අතර ඇතිවුණේ උසස් පෙළ ලියන කාලේ. හැබැයි ඒ කාලේදිත් අපි දෙන්න මිතුරන් විදිහට තමයි එකිනෙකා ආශ්‍රය කළේ. කොහෙම හරි අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයකින් පස්සේ අපි දෙන්න 2021 වසරේදී විවාහ වෙනවා. 

ළහිරුකාට සැමියාට මුලින්ම දිපු තැග්ග මතකද..

ඔව්, ඒක නම් මට අමතක වෙන්නේ නැහැ. අමුතුම විදිහේ පෙන් හොල්ඩර් එකක් එයා මට දුන්නා. මම එයාට මුලින්ම දුන්නේ පැන්සල් ආර්ට් එකක්. අදටත් ඒ දේවල් අපි දෙන්නා ගාවම තියෙනවා. ඊට පස්සේ නම් මම එයාටත් එයා මටත් ගොඩක් තැගි දීලා තියෙනවා.

ළහිරුකාට ආදරය ගැන හැඟෙන විදිහ කොහොමද..

ආදරේ කියන්නේ මම දකින විදිහට විශ්වාසය, තෙරුම් ගැනීම, සහයෝගය මත තීරණය වෙන දෙයක්. ඔය තුන හරියට පවත්වගෙන යනකොට ආදරය හරිම ලස්සනයි. සුන්දර හැගීමක් ඒ තුළ ගැබ්වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

බුද්ධික සේනාධීර