පේෂල සහ පූර්ණිකාගේ ලොකු පුතා ආදිත්‍යගේ 9වන උපන්දිනය පවුලේ හැමෝමත් එක්ක ජයටම සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි පේෂල මනෝජ් වගේම ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ පූර්නිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් නිතරම කාගේත් කතා බහට ලක්වෙන අපේ රටේ දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම ප්‍රවීණ තබ්ලා වාදකයෙක් විදිහටත් පේෂල මනෝජ්ව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම නිතරම ඔහු ගැන සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතා බහට ලක්වන්නේ ඔහු හැමෝවම හිනස්සමින් විනෝදෙන් අපූරුවට දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන මෙහෙයවන ආකාරය නිසයි. ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන මේ අපුරු කළා ශිල්පියා පේෂල මනෝජ් මීට ටික කාලෙකට කලින් දක්ෂ ජනප්‍රිය නිවේදිකාවක් වන පූර්ණිකා පීරිස් සමඟ යුග දිවියට එලඹිලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන බව මේ වනවිට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

කොහොම නමුත් පහුගිය දිනයකදී මේ ආදරණීය යුවලගේ දෙවෙනි විවාහ සංවත්සරයත් අපූරුවට ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ ගැන තොරතුරු අපි මීට කලින් ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති. කොහොම නමුත් පූර්ණිකාගේ ලොකු පුතා වන ආදිත්‍යගේ 9වන උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් පවුලේ හැමෝමත් එකතු කරගෙන බොහොම අපූරු උපන්දින සාදයක් ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

එම උපන් දින සාදයේ ඡායාරූප කිහිපයක් අපි මෙලෙස ගෙන එන්න හිතුවා.