පුෂ්පිකාගේ පුතා උපන් දිනය සැමරමින් කරපු ආදරණීය වැඩේ
පුෂ්පිකා ද සිල්වා කියන්නෙ පහුගිය කාලයේ පුවත් මැවූ චරිතයක් කිව්වොත් හරි. ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් සක්‍රීය චරිතයක්. පුෂ්පිකා සහ ඇයගේ ආදරණීය පුතුගේ සොඳුරු රූ නිතරම වාගේ අපිට දකින්න ලැබෙනවා. ඔන්න ඉතින් අද පුතුගේ උපන්දිනය.ඒ වෙනුවෙන් පුෂ්පිකා මේ විදියට සටහනක් තබා තිබුණා. යාළුවෝ එක්ක උපන්දිනය සමරන පුතුගේ සොඳුරු රූ එකතුවක් ද අපිට දකින්න ලැබුණා.
"ඉතාම කුඩා වයසේදී ත්
අනෙක් දරුවන් වෙතට
ආදරය දක්වන
මනුෂ්‍යත්වයේ දෑත දිගුකරන
හොඳ පිරිසිදු ම හදවතක් ඇති
සුබ අනාගතයක පෙර ලකුණු
අද අදම පෙන්වන
මේ ලෝකයේ මවකට
ලැබෙන්නට හැකි
වාසනාවන්තම දරුවා වන
මගෙ රත්තරන් ටැවොන් පුතුකි
ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා.!
- ආදරණීය අම්මා "