ප්‍රසන්න විතානගේගේ ’’ගාඩි’’ ට නැවතත් අන්තර් ජාතික සම්මානයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ "ගාඩි" චිත්‍රපටයට සම්මානය හිමි වුණා. මෙම සම්මාන උලෙළේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කළ ප්‍රථම වතාව මෙයයි.

එම සම්මානය  පෙරේදා දිනයේදී බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.

1814 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකික ජනතාව ගත කල ජීවිතය අළලා ගාඩි චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.
ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර වුණා. 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණා.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි. රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවනවා.