ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්මගේ ආදරණීය මෑණියන්ගේ මතක බණ පිංකම
ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්මගේ ආදරණීය මව මීට දින කිහිපයකට ඉහතදී දිවිගමන නිම කළා. ඇයගේ මතක බණ පිංකම ද ජනවාරි 04 වන දින පවත්වන්නට යෙදී තිබුණා. ඒ කලාකරුවන්ගේද සහභාගීත්වයෙන්. මේ එහි මතක සේයා එකතුවක් දයාන් විතාරණයන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබූ අන්දමයි.
"දෙසැම්බර් 30 වන දින අප අතරින් සමුගත් ,ප්‍රවීණ රංගනවේදිනී යශෝධා විමලධර්මයන්ගේ ආදරණීය මෑණියන්ගේ මතක බණ පිංකම පසුගිය ජනවාරි 04 වෙනිදා පැවැත්විණි. එදින ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාලේ පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. එය සැබවින්ම සුමධුර වූ ධර්ම දේශනාවකි. කලාකරුවන් රැසක් එදින සහභාගී වූ අතර මාගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක් මේ සමඟ පළ කරමි. ඒ උතුම් පුණ්‍යකර්මයන්ගේ බලයෙන් ආදරණීය මෑණියන්ට නිවනේ දොරටු විවර වේවා.