ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් හදිසියේ රෝගතුර වෙලා
නිල්මිණී තෙන්නකෝන් ගැන අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. සිනමාවේ වගේම පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන නිල්මිණී තෙන්නකෝන් රංගන ශිල්පිනියක් වගේම හොඳ අම්මා කෙනෙක්.
මේ වෙද්දි ටෙලිනාට්‍ය ක්ෂේත්රයෙන් ඈත් වෙලා හිටියත් නිල්මිනී සිනමා ක්ෂේත්රයේ සක්‍රීයව කටයුතු කරනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ප්‍රසාද් සමරතුංග විසින් අධ්‍යක්ෂණය කළ "තාත්තා" ළමා චිත්‍රපටයේද ඇය ප්‍රධාන චරිතයකට පණ පොවනවා.
නිල්මිණී මේ දිනවල ඉන්නේ ටිකක් අසනීපෙන් ලු.. ඒ බව ඇය ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කරමින් කියා සිටියා.
එම සටහන පහත දැක්වෙනවා.
"මේ දවස්වල හෙම්බිරිස්සාවක් උණක් තියෙනවා. මටත් හැදිලා ගොඩක් අමාරු උනා. මට දැන් හොඳයි පුළුවන් තරම් වෙනිවැල් ගැට කොත්තමල්ලි බොන්න..."
ඇය මේ ඡායාරූප පළ කරලා තිබුණේ ඇගේ ඡායාරූප දෙකක් පල කරමින්. එම ඡායාරූපවල ඇගේ රෝගාතුර බව හොඳින් පෙනෙනවා. ඇයට අපි ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.