ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ අවදි කරන සොඳුරු මතක
චන්දන වික්‍රමසිංහ කියන්නෙ මෙරට නර්තන කලාවේ අතිශය සුවිශේෂී චරිතයක්. අති දක්ෂ නර්තන ශිල්පියෙක් වන ඔහු ප්‍රවීණ නර්තන ආචාර්‍යවරයෙක් ද වෙනවා. ඔහු අද ඉන්න තැනට එන්න මූලාරම්භය අරන් දුන් ඇදුරුතුමිය ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කර තිබුණා. පහතින් දැක්වෙන්නේ එම ආදරණීය සටහනයි.
"මහනාම මහා විද්‍යාලයේ අපේ නැටුම් මිස්
මම 6 වසර පංතියේදී චිත්‍ර තෝරාගත්තා
ආරියවංශ වීරක්කොඩි සර්ගේ පන්තියේ දි චිත්‍ර අඳිමින් ඉන්නකොට එකපාරට මා ළඟට පැමිණි ගුරුතුමියක් මගේ අතින් අල්ලගෙන ඔයා ඉන්න ඕනේ මෙතන නෙමෙයි ඔයා ඉන්න ඕනේ නැටුම් කාමරේ කියලා ආරියවංශ වීරක්කොඩි සර්ටත් කියලා මාව බලෙන්ම නැටුම් කමරේට ගෙනාවා
ඒ ගෙනාපු ගමනේ පෙරළියක් විදියට තමයි අද මම නර්තන ශිල්පියෙක් ගුරුවරයෙක් විදියට ඉන්නේ.
පුංචි කාලේ මහනාම විද්‍යාලයේ කරපු ප්‍රසංගයේ දී මාව මොණරෙකු ට ඇන්දුවා මට පිල් හදලා නටන්න කියලා දුන්නා අද වගේ මතකයි
"මොන ඇඳුමද අවිච්චියෝ නුඹ ගෙන යන්නට ආවේ..." කියලා මොනරා සහ අවිච්චියාගේ ඇඳුමි පලහිලව්ව ඇය අතින් නිර්මාණය වුණා.
ඇය මට අවසාන වශයෙන් මුණගැසුනේ අසූවේ අගභාගයේ දී එදා සිට අද දක්වා ඇය කිසිම දිනෙක දි මට මුණගැසුණේ නෑ.
නමුත් අද වසර ගණනාවකට පස්සේ ඇය මට සිඩ්නි නුවරදී මුණ ගැහෙනවා
ඇය මහනාම මහා විද්‍යාලයේ හිටපු අපේ නර්තන ගුරුතුමිය සෝමා අතාඋදාරච්චී මහත්මිය
ඇය නොහිටින්න මොනරෙකුත් නෑ චන්දන කෙනෙකුත් නැහැ. ඈ මගේ චලන හඳුනාගෙන මාව නැටුම් පන්තියට ගෙනාපු ප්‍රතිඵලයක් විදිහට අද මං මගේ වෘත්තීය ලස්සනට කරගෙන යනවා
දීර්ඝායු වේවා සෝමා මිස්..
ඇය සිඩ්නි නුවර තමාගේ එකම පුත්‍රයා කාංචනත් ආදරණීය ලේලියත් මුනුපුරන් දෙදෙනාත් සමඟ සැපවත් ජීවිතයක් ගත කරනවා මහානාම මහා විද්‍යාලයේ සියලුම දෙනාත් සහ මමත් ණයගැති බොහොම පින් ආදරණීය නැටුම් මිස් සෝමා මිස්....."