ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර දිවි මඩලට සමුදෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
70 දශකයේදී පිබිදෙන ගායක පරපුර වැඩසටහනෙන් කලාවට පිවිසි ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයින්ගේ මනමේ, සිංහබාහු වැනි නාට්‍යවල ගීත ගායනා කර තිබෙනවා.
80 දශකයේ ලපලු ලතා මණ්ඩපය නමින් කැසට් පටයක් නිකුත් කළ ඔහු ආචාර්ය නන්දාමාලනී, මාලනී බුලත්සිංහල, චන්ද්‍රලේඛා පෙරේරා, නෙලූ අධිකාරී සමඟ යුග ගීත ගායනා කර තිබෙනවා.
ඔහු ගායනා කළ ගීත අතරට, ලපලුලතා මණ්ඩයේ, නින්ද මා නෙතින් සහ හංසවිලේ හසඟන වී, යන ගීත ද ඇතුළත්.
මියයනවිට 70 හැවිරිදි වියේ පසුවූ ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාරගේ අවසන් කටයුතු අද (18) සවස අනුරාධපුර - නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.