’’පිරිත් කවියක් වෙලා ඔබ දැන්, තව හිතක තනියට ඇතී - කවිකාර අභී
"මගේ මළගම දාට හැඩුමට
කදුළු ඔබ ළග නැතුවැතී
මගේ පණ උඹ ළගයි රැකපන්
එන්න බෑ මට හිතවතී....."
අභිෂේකා විමලවීර කියන්නෙ වත්මන් පරපුරේ ඉතාමත් ජනප්රිය ගායිකාවක්. ඇයගේ ගීතවලට ආදරේ කරන පිරිස ඉතාමත් වැඩියි. අභී කියන්නෙ ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඇයට හරිම අපූරුවට වචන ගැළපීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නෙ අභී ඉතාමත් දක්ෂ කවිකාරියක්. ඒ බව පැහදිලියි ඇගේ මුහුණු පොත දිහා බැලුවාම.
මේ අපූරු කවිය අපේ ඇස ගැටුණෙත් ඒ විදියට...
හැඩූ දරදඩු පාළු රැයවල්
දහක් ගෙවුනා නිම් නැතී
මේ තරම් දුක් ගගක් උහුලා
ඉන්නෙ කොහොමද මල් පෙතී
නෙතේ උතුරන කදුළු
හංගා ඉන්න මට දැන් හුරු ඇතී
පිරිත් කවියක් වෙලා ඔබ දැන්
තව හිතක තනියට ඇතී
නිදන්නට මල් වියන් කුමටද
ඔබේ ළමැදේ ඉඩ ඇතී
සිඹින්නට තව තැන් නොතිබ්බට
නොකියාම ඉමි මට ඇතී
මගේ මළගම දාට හැඩුමට
කදුළු ඔබ ළග නැතුවැතී
මගේ පණ උඹ ළගයි රැකපන්
එන්න බෑ මට හිතවතී.....
අභී!