පියුමි බොතේජු තාත්තා වෙනුවෙන් කරනු ලැබූ පිංකම
පියුමි බොතේජු කියන්නෙ අපේ කලා ක්ෂේත්රය තුළ නිතර කතාබහට ලක්වන ජනප්රිය තරුවක්. පහුගිය දිනවල ඈ ගැන වැඩියෙන් කතාබහ කරන්න ගත්තේ ඇයගේ ආදරණීය පියාගේ වෙන්ව යාමත් එක්ක. ඒ ගැන ඇය තැබූ විවිධ වූ සංවේදී සටහන් නිතර දකින්න ලැබුණා. පහතින් දැක්වෙන මේ සටහනත් එලෙස අපේ ඇස ගැටුන සටහනක්.
"තාත්ති ගිහින් මාසයක් වුනා. අපි විහිලු කරපු හිනාවුන තරහ වුන ගොඩක් ආදරෙන් හිටපු ගෙදර අද ඔයා වෙනුවෙන් සාංගික දානයක්. පපුව පැලෙන්න තරං වේදනයි තාත්තී. ඔයාගේ පුටුව උඩට වෙලා මං එනකන් ඔයා බලා ඉන්න හැටි මට මැවිලා පේනවා. ඔයා ඉන්න තැනක හොදින් ඉන්න තාත්තී මං එනකං පරිස්සමෙන් ඉන්න..."